හිරු මියෙන සැඳෑවක අඳුර මැද ගොම්මනේ
නුඹෙ තුරුලෙ ගුලි ගැසී සොයමි ඉම ප්‍රේමයේ
කෝල ලෙස දෙතොල මත තවරනා උණුසුමේ
ඇවිලෙනා සිත් මඬල මුදමි නුඹ මත ඔහේ
රටාවට ගත වෙළෙන සියුම් සුසුමන් නුඹේ
සොරා ගමි සඟවන්න වෙන දෙසක නොයන සේ
අපෙ හාදකම් බලා හිනැහෙනා වත සඳේ
අඳිමි යළි නොමැකෙන්න ගැඹුරුතම තැන හදේ
නොදුටු හෙට දිනට අද නොදෙමි පැතුමන් හදේ
හිඳිමි නෙතුපිය වසා නිහඬවම නුඹෙ ළයේ
වසන්තය යට කරන ගිම්හාන ගිනියමේ
වරක් නුඹ කීවොතින් එමි මතක එළි දිගේ
Leave a Comment