නිසදැස් විශේෂ දිනයන්

වියැකෙන මිනිසත් බව……

හදවත්වල පිරී ඉතිරී ගිය බක්තිය,
දෙව් මැදුරෙ වාතලයට,
ස්වර ධාරාවක් ලෙසින් එක් වෙද්දි,
ඒ සොදුරු හදවත් නැවතිලා,
ඒ තුල සිරවෙලා තිබුණු,
අපූර්ව ආත්මයන් ඒ වාතලයටම
මුසු කරන්න ගත වුණේ,
එකම එක නිමේෂයයි …..

මොහොතකට පෙර සතුට සැනසීම,
පිරීගිය දෙවොල,
දුක් අදෝනාවන්ගෙන් වෙලී ගියා …..

ආගම නාමයෙන් ලේ පිපාසිත වූ
මරුවන්ගේ පිපාසය සංසිදවීමට,
නිර්දෝශීන් තම ජීවිත කැපකරා …..

දෙවියන් වහන්ස,
පාස්කු දිනයේ ජේසු නාමයෙන්,
පල්ලියට රොක් වීමද ඔවුන් කළ වරද?

මිනිසත්බව මතින් ගොඩනැගුණු මිනිස් වර්ගයා,
ධනය, බලය, ආශාව හා මිත්‍යාව හමුවේ,
මිනිසත්බව පාවා දීලා,
අවි ආයුධ අත දරා ගත්තේ,
තමාගේම සහෝදරත්වයට එරෙහිවයි …..

එය සාධාරණීකරණය කළේ,
ආගම, ජාතිය කියන ලේබල් වලින්…
නමුත් ඒ නාමික හැදින්වීම පිටුපස,
සැගවී අත්තේ,
තමන්ගේම ලෙයින් මසින් සුසැදි,
තවත් එක මනුෂ්‍යයෙක් යනවග,
ඔවුන්ව මුලා කළ මිරිගුව,
ඔවුන්ගෙන් සැගවුවා …..

සෑම ශාස්තෘවරයෙක්ම පෙන්වාලූයේ,
මිනිසත් බවේ මගයි …..
ඔවුන් මෙලොවට පහල වූවේ,
මිනිසත් බව මිය යන විටයි …..
නමුත් දැන් මිනිසාට,
එය අමතක වී අති බවක් හැගී යයි …..
මන්ද මිරිගුවක් පසු පස හඹා යන තාක්,
ඒ හුදු මායවක් බව කිසිවකුත් නොදකී …..

නමුත් මිරිගුව හඹා ගොස්,
හති වැටුන විට,
දිය පොදක් දීමට,
තමා ලග කිසිවකු නොවූ කල්හී,
නොලැබුන මිරිගුවට වඩා,
ඉවත හෙලූ මිනිසත් බව,
කොතරම් වටී ද කියා,
ඔවුන් අවබෝධකර ගනීවි …..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිපුනි හප්පිටිය

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment

1 Comment

%d bloggers like this: