විරුවෙකි නුඹත්…
අම්මා නසන්නට නොව
නිවාලන්නට කැපවෙනා මව්බිමෙ නාමයෙන්…
හද කකියවයි…
පන ගැහෙන හදවත් නිවාලන
හඬ නගා කියනා පද වැලේ නාමෙන්…
ලක් බිමේ පිනට ලක් මවේ ඉපිද
නොනිමෙනා ගිනි සිළු ලෙසින් අද
සීරුවෙන් නුඹ හිඳියි එරෙහිව
රටට වින කළ අධමයින් හට…
සිතා බැල්මට අලුත් හෙට ගැන
නිවාලන්නට දූෂණය හැර
එක්වෙලා අද ඔවුන් නොබියව
අරගලය නම් ආදරය ළඟ…
දෑත් බැඳ හැම බේද අතහැර
පවුරු බැඳ අද එකා මෙන් හැම
රකිමු මව්බිම ජවය කැප කර
ඉතිරි කරනෙමු රටක් හෙටකට…
විරුවෙකි නුඹත්…
අම්මා නසන්නට නොව
නිවාලන්නට කැපවෙනා මව්බිමේ නාමයෙන්…
හද කකියවයි…
පන ගැහෙන හදවත් නිවාලන
හඬ නගා කියනා පද වැලේ’ නාමෙන්…
Leave a Comment