දැනුම

විශ්ව තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය යනු ලොව පුරා තැපැල් සේවාවල ඇති වැදගත්කම ඉස්මතු කිරීම උදෙසාත් ඒවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසාත් සමාජයට සහ ගෝලීය ආර්ථිකයට ඔවුන් දක්වන දායකත්වය පිළිබඳව සැලසුම් කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කරන ලද වාර්ෂික සැමරුම් උත්සවයකි. මෙය ප්‍රථම වරට වර්ෂ 1969 දී ජපානයේ ටෝකියෝහි පැවති එක්සත් තැපැල් සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද අතර එය වර්ෂ 1874 දී ස්විට්සර්ලන්තයේ විශ්ව තැපැල් සංගමය පිහිටුවීමේ සංවත්සරය සනිටුහන් කරමින් වාර්ෂිකව ඔක්තෝබර් මස 9 වන දින උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

විශ්ව තැපැල් සංගමය වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයක් දක්වා වර්ධනය වී ඇත. තැපැල් ලිපි සහ පැකේජ වඩාත් කාර්යක්ෂමවත්, සරල හා සම්බන්ධීකරණයෙන් යුතුවත් ලොව පුරා සන්නිවේදනය සඳහා එසේ පිහිටුවීම අද වන විට මහත් පිටුවහලක් වී ඇත.

සෑම වසරකම රටවල් 150 ක් පමණ ලෝක තැපැල් දිනය සැමරීමට සහභාගී වේ. සමහර රටවල් මෙම විශේෂ දිනයේදී ඔවුන්ගේ නව තැපැල් සේවා හෝ නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා භාවිතා කරන අතර හොඳ සේවාවක් සඳහා ඔවුන්ගේ සේවකයින්ට ප්‍රතිලාභ ද ලබා දේ. ඒ අතරින් බොහොමයක් රටවල් මුද්දර ප්‍රදර්ශන සංවිධානය කර මෙදිනට නව මුද්දර නිකුත් කරති.

ලෝක තැපැල් දින පෝස්ටර් එළි දැක්වීම, තැපැල් කාර්යාලවල මෙන්ම පොදු ස්ථානවල දැනුවත් කිරිම් සම්මන්ත්‍රණ පැවැත්වීම, සංස්කෘතික හා විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළු වැඩමුළු සංවිධානය කිරීම මෙදිනට දැක ගත හැකි ලෝ පුරා රටවල් විසින් සංවිධානය කරනු ලබන වෙනත් ක්‍රියාකාරකම් කිහිපයකි. තැපැල් සේවයේ ඉතිහාසය හා ජයග්‍රහණ පිළිබඳව මේ දිනවල ඉහළ පෙළේ නිලධාරීන් විසින් විශේෂ දේශන මගින් ජනතාව දැනුවත් කරයි.

වර්ෂ 1600 හා 1700 ගණන් වලදී තැපැල් සේවාව බොහෝ දියුණු වී ඇති අතර බොහෝ රටවල් රටවල් අතර තැපැල් සේවා ආරම්භ කිරීම සඳහා ජාතික තැපැල් පද්ධති සකස් කර ඇත. ඩිජිටල් සන්නිවේදනය සඳහා ඉහළ මට්ටමේ ප්‍රවේශයක් ලබා දීම මගින් තැපැල් සේවාව, මිනිසාගේ දෛනික ජීවිතයට විශාල කාර්යභාරයක් ඉටු කරයි.

මෙවර ලෝක තැපැල් දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් මස 9 වන බදාදා දිනයි. මෙහි අරමුණ නම් සෑම දිනකම මිනිසුන් සහ ව්‍යාපාර සඳහා තැපැල් අංශයේ කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැඩි කරලීමයි.

රටවල සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා එහි දායකත්වය පිළිබඳව ජනතාවට දැනුම් දීම ද මෙදින තවත් එක් අරමුණක්. එමගින් ජාතික මට්ටමින් එහි කාර්යභාරය සහ ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව සහ මාධ්‍ය අතර විශාල දැනුවත් කිරීමක් ඇති කිරීම සිදු වේ.

e පණිවුඩ සේවාවත් සමඟ මුද්දර සහිත තැපැල් සේවාව පසුගාමීත්වයක් පෙන්නුම් කළද නවීකරණය වූ තැපැල් සේවාවක් වශයෙන් e පණිවුඩ සේවාව පැමිණුනා විනා තවමත් තැපැල් සේවාව මුළුමනින්ම අභාවයකට යාමක් දැක ගත නොහැක. මන්ද යත් තැපැල් සේවාව ඔස්සේ සිදුවන සේවය සුළු පටු නොවීමත්, බාල මහලු සියලු හදවත් තවමත් මුද්දර හා බැඳී පැවතීමත් නිසාවෙනි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment