විශ්ව විද්‍යාලය

විශ්ව විද්‍යාලයක් තුළ සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන එකම පරිගණක විද්‍යාගාරය සහ පුස්තකාලය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙන්..

Written by Rishan Sampath

විද්‍යා පීඨ ශිෂ්‍ය සභා පරිගණක විද්‍යාගාරයේ සහ පුස්තකාලයේ ඉතිහාසය දශක එක හමාරක් පමණ අතීතයට දිව යන්නකි. 1998 වසරේදී එවකට ශිෂ්‍ය සභාවේ සභාපති වශයෙන් කටයුතු කල ඒ. මාරසිංහ මහතාගේ අදහසක් පරිදි මෙය ක්‍රියාවට නැංවුණි.

මෙය සියලුම ශිෂ්‍යයින්ට පරිගණක භාවිතයට අවස්ථාව ලබා දීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද්දකි. පරිගණක පාඨමාලා හදාරන සිසුන් පීඨය තුළ ඇති පරිගණක  විද්‍යාගාර තුළ අධ්‍යයන කටයුතුවල නිරත වීමෙදී පරිගණක ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අනෙකුත් සිසුන්ට අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය.

ඒ. මාරසිංහ මහතා විසින් මේ පිළිබදව එවකට කොළඹ  විශ්ව විද්‍යාලයේ උප කුළපති වශයෙන් කටයුතු කල මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා වෙත දැනුම් දුන් පසු යෝජනාවේ කාලීන අවශ්‍යතාවය තෙරුම් ගත් උප කුලපතිතුමා ඉතා කඩිනමින් පරිගණක 5ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දී ආරම්භ කිරීමට අවසර ලබා දුන්නේය. එපමනක් නොව එතැන් පටන් ඉදිරි වසර 3ක් පුරාවටම වසරකට පරීගනක 4 බැගින් ලබා දීමටද එකගතාවය පලකර සිටියේය.

මී ලගට  මුහුණ දිමට සිදුවූ අභියෝගය වූයේ මේ සදහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමයි. එහිදී පරිගණක තාක්ෂණ ආයතනයේ (Institute of Computer Technology ) එවකට අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළ මහාචාර්ය වී.කේ. සමරනායක මහතා විද්‍යා පීඨයේ  ICT ගොඩනැගිල්ල ඉදිරිපිට වූ කාමරයක් මේ සදහා ලබා දීමට කටයුතු කලේය.

විද්‍යා පීඨයේ වෘත්තීය මාර්ගෝපදේශණ ඒකකයේ (Career Guidance Unit) අධ්‍යක්ෂකව කටයුතු කළ  ආචාර්ය කීර්ති ප්‍රේමදාස මහතා වෘත්තීය මාර්ගෝපදේශන ඒකක හරහා පරිගණක විද්‍යාගාරය අධීක්ෂණයට පියවර ගත්තේය.

පසු කාලයකදී පරිගණක විද්‍යාගාරයට පුස්තකාලයක්ද එකතුවී තව දුරටත් සිසුන්ගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීම ඇරඹීය.

වර්තමානයේ  මෙම පරිගණක විද්‍යාගාරය සහ පුස්තකාලය විද්‍යා පීඨයේ සිසුන් අතරින් තෝරා පත් කරගන්නා සිසුන් පිරිසක් විසින්  පාලනය කරනු ලබයි.

පරිගණක විද්‍යාගාරය දැනට පරිගණක විස්සකට ආසන්න ප්‍රමාණයකින් සමන්විත පරිගණක ඡාලයකින්ද, ප්‍රින්ටරයක්, ස්කෑනරයක් ඇතුලු ශිෂ්‍යයින්ට අවශ්‍ය අනෙක් උපාංග වලින් සමන්විත වෙයි.

මෙමගින් සිසුනට නොමිලේ අන්තර්ඡාලය භාවිතා කිරීම,ව්‍යාපෘති  වාර්තා සකස් කිරීම ඇතුලු අධ්‍යාපනික කටයුතු පමණක් නොව ඉතා අඩු මුදලට ප්‍රින්ට් අවුට් ලබාදීම වැනි අනෙකුත් සේවාවන්ද සපයනු ලබයි.

විද්‍යාපීඨය තුළ පැවැත්වෙන නොයෙකුත් උත්සව අවස්ථා වලදී මෙන්ම අනෙකුත් විෂේශ අවස්ථා වලදී රාත්‍රී කාලයේදී වුවද සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘතව පවතී.

ශිෂ්‍ය පුස්තකාලය ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනික කටයුතු වලට අවශ්‍ය පොත්පත් රාශියකින් සමන්විත වෙයි. පොත්පත් පමණක් නොව සංයුක්ත තැටි වලින් සමන්විත විද්‍යුත් පුස්තකාලයකින් (e-library)  මේ යටතේ ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම විභාග සමයේ මෙය සිසුන්ට මහත් උපකාර වේ.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් තුළ සිසුන් විසින් පාලනය කරගෙන  යනු ලබන එකම  පරිගණක විද්‍යාගාරය  සහ  වන මෙය වර්තමානයේ ශිෂ්‍ය සභාව විසින් තෝරා පත්කර ගන්නා සිසුන් පිරිසක් විසින් මෙහෙයවනු ලබයි.

වර්තමානයේ මේ තුළ පවතින  ප්‍රධානතම ගැටලුව ලෙසට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ පරිගණක යන්ත්‍ර ඇතුලු අනෙකුත්භෞතික සම්පත් ප්‍රමාණවත් නොවීම දැක්විය හැක.  එසේම ශිෂ්‍ය පුස්තකිලයේ ඇතැම් පොත් පත් වල හිගකම්ද පවතී. මෙම අඩුපාඩුකම් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් මෙමගින් වර්තමානයේ සිසුන් වෙනුවෙන් ලබා දෙන්නා වූ සේවාවට වඩා වැඩි සේවාවක් අනාගතයේ ලබාදීමට හැකිවනු නොඅනුමානයි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Rishan Sampath

විද්‍යා පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment