අරුණ පිණි කැට වැටුනු තුරු පත් ළහිරු දහරින් දිළිසුනා…
එ හිරු රැස් දිළිසී වැඩෙන විට දිළිසි පත් වියලී ගියා…
පෙණ නගා ගී කියනු ඇසුනා පුංචි දිය පහරක් නිසා…
එ දිය නදියක් වී දියෙන් පිරි නිසල වී ගී සැඟවුවා…
දිනුම නම් තුඟු පව්ව පාමුල නුඹට මා මැණිකක් වුනා…
පිය නගන විට ශිඛරයට ගිරි නුඹට මා නොපෙනී ගියා…
Leave a Comment