නිසදැස්

වෙසඟනකට මං පෙම් කලා…

අරුතක් නැතිව ගෙවුනා වූ ජීවිතයක්…
කිසිමවිටක විඳගන්නට නැත සතුටක්…
මුණගැහුනා හදිස්සියෙම නෙත් යුවලක්…
පහල උනා හද පත්ලෙන් ආල හිතක්…

අවිහින්සකයි දිය මත හන්සිය වාගේ…
ආඩම්බරයි පිල් විදහන මොණරි වගේ…
රැඳුනත් සිතේ ආලෝකය සදා ඇගේ…
බියවුනි ඇයව කරගන්නට සදා මගේ…

ගමින් ගමට ගොස් වාසය කරන ඇය…
ගතේ විඩා නිවහාලන පහන විය…
තඹ කෙස් කළඹ දිගට වැඩුනු ඇගේ නිය…
ආත්මයම බිලිදෙයි පැවතුමට සිය…

කුඩා කාලේ අමිහිරිකම් විඳි හින්දා…
නොමග ගියේ ඇයි ඔබ මගෙ සුදු නන්දා…
කාමය නොමැති ආදරයක් හිත රන්දා…
යන්නද ඔබව කරකාරෙට මම බන්දා…

ඇගේ අතීතය සඟවන්නට බැරිය…
එනමුදු මගේ හද ගැඹුරේ පණ ඔබය…
ඈගේ සිනාවන් සැමදා සියුමැලිය…
සමාජයම මට දොස් පවරනු ඇතිය…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සුධීර පීරිස්

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment