ශ්රී ලංකා… ශ්රී ලංකා…
ශ්රී ලංකා… ශ්රී ලංකා…
ලක් මෑණී… රකිමූ සැමදා…
හෙල විරු දහදිය ලේ වැගිරූ බිම
ඉන් මුතු මිණිකැට ඉපදුණ භූමිය…//
දීන නොවුණ ජාතියෙ සරු හෙළ කෙත
ලොවට උතුම් පින්බර සුර ලොව අප…
ගිලිහී නොයනට බිදකුදු පස්කැට
බැඳගමු දෑතම හයියට අප සැම…//
ශ්රී ලංකා… ශ්රී ලංකා…
ශ්රී ලංකා… ශ්රී ලංකා…
බොදු කිතු මුස්ලිම් දමිළ ජාතිවල
එකතුව හයියම මනුස්ස දම්වැල…//
පපුවල කකියන සොහොයුරු මිනිස්කම
නාමෙන් රැකගමු උපන්න මව්බිම…
ගිලිහී නොයනට බිදකුදු පස්කැට
බැඳගමු දෑතම හයියට අප සැම…//
ශ්රී ලංකා… ශ්රී ලංකා…
ශ්රී ලංකා… ශ්රී ලංකා…
එක ලේ දුවනා සිංහ පැටව් වෙමු
බියගුළු හදවත පසකට විසි කළ…//
වැදු මව් ලෙස දිවි හිමියෙන් රකිනෙමු
මියැදුම පමණක් පැරදුම කරගෙන…
ගිලිහී නොයනට බිදකුදු පස්කැට
බැඳගමු දෑතම හයියට අප සැම…//
ශ්රී ලංකා… ශ්රී ලංකා…
ශ්රී ලංකා… ශ්රී ලංකා…
අභිමාණී… අප මාතා…
ශ්රී ලංකා… ශ්රි ලංකා…
ශ්රී ලංකා… ශ්රී ලංකා…
ලක් මැණී… රකිමූ සැමදා…
Leave a Comment