දැනුම

ශ්‍රී ලංකා මාතා

Written by Colombo Beacon

මීට මාස කිහිපයකට පෙර සමාජයේ කතාබහට ලක් වූ මාතෘකා අතර, “ශ්‍රී ලංකා ජාතික ගීයේ වෙනස්කම් ( දමිල හා සිංහල භාෂා දෙකෙන්ම කොටස් ඇතුලත්ව ) සිදු කිරීම” විය.
එසේ නිර්මාණය කරන නව ජාතික ගීය 65 වන ජාතික නිදහස් දින උළෙලිදී ගයනා කල යුතු බව ” ජාතික භාෂා හා ඒකාබද්ධ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මතය විය.

ප්‍රථමයෙන් ජාතික ගීයක් යනු කුමක්ද?  ජාතික ගීයක් යනු සාමාන්‍යයෙන් ජාතික ඇල්ම ඇති කරවන, දේශාභිමානය වඩවන, කැප කිරීම් කර ලබා ගත් ජයක්ග්‍රහණ ගැන කියවෙන්නා වූ ගීතයකි.
( මෙලෙස එක පේලියකින් ජාතික ගීය යනු කුමක්ද යන්න කීම නොසුදුසු යයි සිතේ, මක්නිසාද ජාතික ගීයක් එලෙස කැටි කර කීම අසාදාරන බැවිනි. නමුත් සරලව කියතොත් ජාතික ගීය යනු, ගයන විට හා ඇසෙන විට හදවතට දැනෙන , රට ගැන අභිමානය, පක්ෂපාතිත්වය , භක්තිය ඇතිවන , MORAL UP වන බොක්කටම වදින ගීතයක් විය යුතුය]. මෙය ලොව ඕනෑම රටකට බලපෙවෙත්වෙන පොදු කරුණකි.
රටක භාෂාවල් කීපයක් තිබුන කියාවත් , ජාතින් කිහිපයක් සිටිය කියාවත්, රටකට ඇත්තේ බොහෝවිට එක ජාතික ගීයකි . එක ජාතික කොඩියකි. රටේ අභිමානවත් අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කරන කරුණ වන්නේද මෙයයි.

ඉතිහාසය,
බොහෝ දෙනා දන්නා ඉතිහාසය වන්නේ ජාතික ගීයේ නිර්මාර්තෘ “ආනන්ද සමරකෝන්” කියාය. නමුත් ජාතික ගීයට බොහෝ පිරිසක් නොදන්නා ඉතිහාසයක්ද ඇත. අප රටට ජාතික ගීයක අවශ්ෂ්‍ය තාව දැනෙන්නට පටන් ගන්නේ 48 නිදහස ලං වීමත් සමගය. අපට නාමික නිදහස ලැබීමට තිබුනේ ඉතා කෙටි කාලයකි. එමනිසා ජාතික ගීයක අවශ්‍ය තාව දැනෙන්නට විය. ජාතික ගීයක් තෝරා ගැනීමට තරංගයක් පැවත්විණි. එම තරඟයට ලෙබෙන ගීත වල ගුණාත්මක බව සලකා බැලීමට විනිශ්චය මණ්ඩලයක් පත් කෙරුණි. මෙම විනිශ්චය මණ්ඩලය පහත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් විය.
එස්.එල්.බි.කපුකොටුව/එල්.එල්.කේ.ගුණතුංග/ලයනල් එදිරිසිංහ/පි.බි.ඉලංගසිංහ/ආචාර්ය ඕ.එච්.ඩී.ඒ.විජේසේකර/මුදලිදු ඊ.ඩී. අබේසේකර යන ය නම් කරනු ලේබ සිටියහ.

කෙසේ වෙතත් 48ඒ ජනවාරි 31 වන විටත් ලැබී තිබු ගීත ගැන විනිශ්චය මණ්ඩලය සැහීමකට පත් නොවිය. මේ හේතුව නිසා විනිශ්චය මණ්ඩලයේ ප්‍රදනිය ලෙස කටයුතු කල අධ්‍යාපන අධ්‍යක්ෂ කපුකොටුව මහතාගේ යෝජනාව වුයේ සිංහල, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂා මෙන්ම නක්ෂක්ත්ර සහ ශබ්ද ශාස්ත්‍ර ආදියෙහි පඬිවරයකු වූ ඉලංගසිංහ නොතාරිස් රාළහාමිට ගීතයක් රචනා කරන ලෙසය. සභාවේ සාමාජිකයකුව   සිටිමින් එම කටයුතු කිරීම නොසුදුසු බව පවසා සිටි  ඉලංගසිංහ රාළහාමි, විනිශ්චය මණ්ඩලයෙන් ඉවත්ව ගීතයක් රචනා කල අතර ලයනල් එදිරිසිංහ මහතාද විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස් වී එකී ගීතයට තනුවක් නිර්මාණය කරන ලදී.

ඒ අනුව ඉලංගසිංහ රාළහාමි විසින් රචිත ලයනල් එදිරිසිංහ මහතා විසින් සංගීතවත් කල “ශ්‍රී ලංකා මාතා පාලා යස මභිමා” නම් ගීතය ක්‍රි.ව.1948 පෙබරවාරි 4 වන දින, නිදහස් උළෙලේදී ගයන කෙරිණි. පහත දැක්වෙන්නේ එදා ගයනා කල එම ගීතයි.

“ශ්‍රී ලංකා මාතා ගීතය – රාගය භුපාලි තාලය ත්‍රීතාල් ”

ශ්‍රී ලංකා මාතා​
පාලා යස මහිමා ජය ජය //
සිහිලස ජලධාරා
ගිරිපෙළ තුරුලිය මනහාරා
ශාස්ත්‍ර කළා ශිල්පාදී විද්‍යා
වීර විකුම් රණ ශුර මහා කවි
තේජ රාජ ජනීන //
හින්දු බෞද්ධ මුස්ලිම් ක්‍රිස්තියානි
සමගිව ජය ගී ගයමෝ රකිමෝ පුදමෝ
ජය ජය දද ගංගා
ශ්‍රී ලංකා මාතා…….

විනිශ්චය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු අතින් මෙමෙ ගීතය නිර්මාණය වූ නිසා මෙමෙ ගීතය පිලිබඳ විරෝධතා පැණ නැගුණි. මෙහි ප්‍රතිපලයක් වශයෙන් 1949 පෙබරවාරි 4 වන දිනට යෙදුනු  නිදහස් දින උත්සවයේදී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත, අප මේ වන තෙක්ම භාවිතා කරන “ශ්‍රී ලංකා මාතා” ගීතය ගයනා කෙරුණි (කොළඹ මියුසියස් විද්‍යාලීය ගායිකා කණ්ඩායම මෙම ගීතය ප්‍රථමයෙන් ගායනා කලෝය).

1949 සිට භාවිතා කරන මෙම ගීතය වෙනස් කම් සිදු කල යුතුද? මා සිතන  එය වෙනස් කල යුතුයි, නමුත් එය වාසුදේව නානායක්කාර මහතා කියන පරිදි නම් නොවේ. එතුමා යෝජනා කල පරිදි වෙනස් වන්නේ භාෂාව පමණි. දමිල කොටස් එකතු කිරීමකි. අර්ථය එලෙසමය (එකම cake එක,icing එක වෙනස් කිරීමක් පමණි).

මෙසේ ජාතික ගීයට දමිල පද එකතු කර ගයනා කිරීමෙන් එතුමා බලාපොරොත්තු වු දේ නිශ්චිතව නොදනිමි. නමුත් එමගින්  අප රට තුල ජාතින් අතර හොඳ සහයෝගිතාවක් ඇති  බව ලොවට කීමට හොඳ මාර්ගයක් යැයි සිතුවද විය හැකියි. නැතහොත් අප සුළු ජාතීන්ට සම අවස්ථා ලබා දෙන බව ලොවට කීමට සීතුවාද  විය හැක. නමුත් ජාතික ගීයට දමිල පද එකතු කරානම්, මා සිතන පරිදි සිදු වන්නේ අප රට පිළිබද වැරදි ආකල්පයක් අනෙකුත් රටවල් තුල ඇති  වීමයි. අප, අප අට තුල ජාතික සමගිය ඇතැයි බලෙන් ලොවට කීමට හදනවායයි අනෙක් රටවල් සිතන්නට ඉඩ තිබුණි (රට තුල සිදු වන දේ, රටට ඇති විදේශ බලපෑම් සලක බලන විට ඉහත කී දේ වීමේ හැකියාව ඉතා වැඩිය)

ජාතික ගීයක් යනු මුළු රටම සංකේතවත් කරන්නකි. එය සිංහලෙන් වේවා දෙමලෙන් වේවා කුමන බසකින් තිබුනද එය මෙරට ජීවත් වන සෑමදෙනාම සංකේතවත් කරන්නකි.( උදාහරණයක් ලෙස ඉන්දියාව සලකමු, ඉන්දියාව තුල භාෂා සිය ගණනක් කතා කරන විවිද ජාතින් සිටී. නමුත් ඇත්තේ එකම ජාතික ගීයකි.)
මා පෙර සඳහන් කල පරිදි වාසුදේව නානායක්කාර මහතාගේ අදහසට අනුව ජාතික ගීය තුල වෙනස්කම් සිදු කරානම් එය ලොවට වැරදි මතයක් ගෙන යාමට බොහෝදුරට ඉඩප්‍රස්ථාව තිබුණි. (රටේ ජනතාවට පොදුවේ එකම ජාතික ගීතයක් පිළිගැනීමට නොහැකිනම්, එයටද භාෂා එකතු කරනවානම්, එය ජාතික ගීය බෙදා වෙන් කරගන්නවා වැනිය. එය රට තුල ජාතින් අතර සමගිය ඇති බව කියනවට වැඩ නැති බව කියනවා වැනිය.)

කෙසේ වෙතත් මම සිතන පරිදි ජාතික ගීය වෙනස් විය උතුයි, නමුත් ඉහත සඳහන් පරිදි නොවේ. මම මෙසේ පවසන්නේ අයි? ඉහතදී සඳහන් වුන පරිදි ජාතික ගීය අප ගායනා කරද්දීත් අපට එය ඇසෙද්දීත් දේශාභිමානය ඇති වන්නක් විය යුතුය, හදවතට දැනෙන ගීයක් විය උතුය.

මම මගේ මුළු පාසල් කාලයේදීම පාසල් රැස්වීම් වල හා තව නොයෙක් උත්සව වල , අන් ය සමග සීරුවෙන් සිට ජාතික ගීය ගයනා කලෙමි. මගේ අවුලක්ද නොදනිමි, සීරුවෙන් සිට ගීතයට ගෞරව දැක්කුවද එය මගේ සිතට වදින , ඇඟට දැනෙන එකක් නොවීය. බොහෝ අය මෙයට විරුද්ධ වීමටද පුළුවන, නමුත් සත්‍ය ලෙසම මට හැඟුණ දෙය මෙයයි.

අනෙක් කාරණය වන්නේ අප ජාතික ගීතයේ ඇති පද මාලාවය. එයට කිසිසේත්ම මගේ කමතක් නැත.
(පහත කොටස හෙරෙන්නට
….එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා..
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා….)

ගීතයේ මුල් කොටසේ කියවෙන්නේ අප රට තුල සියලු දේ ඇති බවයි. අපට සියල්ල ලබා දෙන බවයි.

“සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා”

ඔවු, අප රට තුල සම්පත් එති බව සැබෑය, එමනිසා ජාතික ගීයේ එය සඳහන් කිරීම පලක් නැත. කල උතුව තිබුනේ ගීතයේ අප රට තුල ඇති සම්පත් නිසියාකාරව ප්‍රයෝජනයට ගත යුතු බවයි. එසේ කරතොත් පමණක් “සැප සිරි සෙත සදනා ” බවයි. එසේත් නැතිව සම්පත් තිබ්බ පලියට සැප සිරි ලැබෙන බව නොවේ.

ඉන් පසුව ඇති කොටසින් රට කෙරේ භක්තියක්,අභිමානයක් ඇති කිරීමට ආනන්ද සමරකෝන් මහතා සිතුවද විය හැක.
“ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ”

ජාති ඇල්ම , භක්තිය මෙම කොටසින් ඇති වෙනවයි සිතමි. නමුත් එය සැහෙනවදැයි ප්‍රශ්නයකි. උදාහරණයක් ලෙස, මීට අමතරව හෝ මේ වෙනුවට, “අප ජීවිත  කැප කර රට රකිනා බව,කිසි දිනක රට පාවා නොදෙන බව, අනාගත පරපුර වෙනුවෙන් ඔබ රකිනා බව” වැනි අදහස් එකතු වූවානම් හොඳයයි සිතමි.

කෙසේ වෙතත් අවසානයේදී සියල්ලන්ට එක වී, එකා වන්ව සමගියෙන් සිටින ලෙස පවසා ඇත.
“එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා”
මෙම කොටස ඉතා හොඳින් අප රටේ පිරිස් තේරුම් ගත් බව පසුගිය 30  – 35 දෙස බලන විට සිත ගත හැක.

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ, මෙය මගේ මතය බවයි. මෙම ලිපියෙන් ආනන්ද සමරකෝන් මහතාට , වාසුදේව නානායක්කාර මහතාට  හෝ අප ජාතික ගීයට අගෞරවයක් කිරීමට කිසි ලෙසවත් නොසිතුවනි.

කෙසේ හෝ ජාතික ගීය වෙනස් වනවානම් හොඳ බව අවසාන වශයෙන් කීමට  කෙමෙත්තෙමි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment