දැනුම

ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකුගේ නික්ම යාම

රෝද පුටුවකට වී ජ්විතයෙන් වැඩි කලක් ගත කළ මහා විද්‍යඥයෙක් ඔබ නෙත ගැටී ඇත. යමෙකුගේ මරණය සමග ඔහුගේ ජිවන කතාව කරළියට බැසීම සාමාන්‍යය. නමුදු ඔබේ උනන්දුව භෞතික විද්‍යාව , කළු කුහර,විශ්වයේ සම්බවය ,කාලය හා අවකාශය අතර සම්බන්ධය පිළිබදව වුයේ නම් ස්ටීවන් හෝකින් නාමය ඔබට හොදින් හුරුපුරුදු ඇත. බ්‍රිතාන්‍ය ජාතික විශිෂ්ඨ භෞතික විද්‍යාඥයෙකු හා ගණිතඥයෙකු වූ ස්ටීවන් හෝකින් මහතා වසර 76 ක් ආයු වළදා මිය ගිය බව ඔහුගේ පවුලේ සාමජිකයෙන් විසින් පසුගියදා ප්‍රකාශ කරන ලදී.මේ සටහන ඔහු පිළිබදවයි.

ඇල්බට් අයින්ස්ටයින්ට පසුව ලොව බිහි වූ විශිෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකෙන ස්ටීවන් හෝකින් උපත ලබන්නේ 1942 ජනවාරි 08 වෙනිදාය.ඒ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදීය.ස්ටීවන් විලියම් හොකින්ගේ පියා ඖෂධ පිළිබද ගවේෂකයෙක් වූ අතර , ඔහුගේ දෙමාපියන්ද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවන් විය.එමෙන්ම ස්ටිවන්ට සොහොයුරියන් දෙදෙනෙක් සහ අරන් හදා ගත් සොහොයුරෙක් විය.

ස්ටීවන්ගේ පළමු පාසල වූ ශාන්ත ඇල්බන් පාසලේදී කැපී පෙනෙන දක්ෂතා නොදැක්වුවත් වයස අවුරුදු 17ක් වෙන විට ඔහු ඇතුල්වන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ඔහුගේ දක්ශාතවලට මහත් තොතැනක් විය.සමාජශීලි චරිතයක් ලෙස සරසවියේ ප්‍රසිද්ධ ස්ටීවන් හෝකින් 1962 විශ්ව විද්දයලයෙන් පිට වන්නේ භෞතික විද්‍යාව පිළිබද ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් සමගිනි. ඒ සමගම ඔහු ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන කේම්බ්‍රිජ් සරසවියට පිවිසෙන්නේ පශ්චාත් උපාධිය හැදෑරීමටය.

කෙසේ වෙතත් ස්ටීවන්ගේ ජිවිතයට අවාසනාව ලං වෙන්නෙත් මේ සමයේදීය.ඒ විසිඑක් හැවිරිදි ඔහු Amyotrophic  Lateral  Sclerosis (ALS)හෙවත්  Lou Gehrig’s disease නම් මාංශ පේශි වල චලනයට උපකාරී වන මොලයේ සෛල විනාශ වන රෝගයට ගොදුරු වීමත් සමගයි. වෛද්‍යවරුන්ගේ වසර දෙකක ආයු අපේක්ෂාවත් සමග හෝකින් පවුලේ සියලු බලාපොරොත්තු ගිලිහුනද ස්ටිවන්ට මෙය නව බලාපොරොත්තුවක් විය.

ස්ටීවන් හොකින්ගේ රෝගය ගැන දැන පවා 1965 දී ඔහු සමහ විවාහ වූ ජේන් වයිල්ඩ් ඔහුට මහත් ශක්තියක් හා වාසනාවක් විය.ඔවුගේ ප්‍රථම දරුවා ලෙස රොබට් 1967 දීත් ,දෙවන දරුවා ලෙස 1969 දී ලුසිත්, තෙවන දරුවා ලෙස 1979 දී තිමොතිත් උපත ලැබිය. ජේන් තවදුරටත් තමා වෙනුවෙන් කැපවීම් කිරීමට අනවශ්‍ය බව සිතන ස්ටීවන් 1990 දී ඇගෙන් වෙන්වන අතර,1995 දී එලියන් මේසන් සමග විවාහ විය. නමුදු එම විවාහය 2006 දී අවසන් විය.

විශ්වය පිළිබද පර්යේශණ සදහා දැඩි ඇල්මක් දැක්වූ ස්ටීවන් , රොජර් පෙන්රෝස් නම් විද්‍යාඥයාගේ පර්යේෂණ ඔස්සේ අධ්‍යයන කටයුතු මෙහෙයවමින් විශ්වයේ ආරම්භය ,තාරකාවක අවසානය,කළු කුහර නිර්මාණය ගැන සංකල්ප ඉදිරිපත් කළේය.1973 දී ස්ටීවන් හෝකින් තමන්ගේ පළමුපොතවන The Large Scale Structure of Space –Time ප්‍රකාශයට පත් කළේය.කළු කුහර තුල පවතින්නේ රික්තයක් නොවන බවත් ,තාරකාවක් පිපිරීමේදී ගුරුවයෙන් මිදී යාමේ හැකියාව ආදී නව කරුණු ඔප්පු කෙරවූ ස්ටීවන් හෝකින් 1974 වන විට විද්‍යා ලෝකයේ කීර්තිමත් චරිතයක් විය.

1985 වන විට ස්ටිවන්ග් හොකින්ගේ කටහඩ සම්පුර්ණයෙන්ම අහිමි වන්නේ නිව්මෝනියාව වැලදී අසාධ්‍ය තත්වයට පත්වීම නිසා සිදුකල සැත්කමකදී ශ්වසනාල ද්වාරය ඉවත් කිරීම හේතුවෙනි.මෙය ස්ටීවන්ගේ වැඩ කටයුතු සදහා විශාල බාදාවක් විය.නමුත් ඉන් නොනැවතෙන ස්ටීවන් පරිගණක වැඩසටහන් නිර්මාණ ශිල්පියෙකු නිෂ්පාදනය කල උපකාරයක් ආදාරයෙන් තම අදහස් ප්‍රකාශ කරමින් තම පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යනවා. A Brief History of Time කෘතිය ස්ටීවන්ගේ තවත් විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකෙනවා.

විශ්වයට සිමා නැත.ඒ ආකාරයටම  මිනිසුන්ගේ උත්සාහය සිමා රහිත විය යුතුය.තත්වය කොයි තරම් අයහපත් වුණත් බලාපොරොත්තු ඉටු කර ගන්න කුමක් හෝ මාර්ගයක් තිබෙනවා,ජීවිතය ඇතිතාක් බලාපොරොත්තු තිබෙනවා” මෙය බ්‍රිතාන්‍ය මහ රැජිණ පිලිගැන්නු නයිට් පදවිය පවා ප්‍රතික්ෂේප කල ස්ටීවන් හෝකින් නැමති අපුර්ව මිනිසාගේ අදහසයි.අද ඔහුගේ බලාපොරොත්තු නැවතී ඇත.නමුදු ඔහුගේ නියාය ශේෂව ඇත.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තමල් අදිකාරි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment