නිසදැස් ශාපලත් ඉඩෝරය November 1, 2021by රශ්මි එරන්දි 111 Views Written by රශ්මි එරන්දි දූවිලි වළා කැටි අතර පොරබඳින නෙතු රිදුම් දෙයි රතුව සිඳී ගිය වැව ද කියයි දුක්බර කතාවක් තනිව ඇටසැකිළි මෙන් කොළ හැලී කනාටුව දුක උහුලන වෘක්ෂ නැත ජල පහස සහ අහර තැන තැන වැටී මියෙනා ජීවිත කියයි ශාපලත් ඉඩෝරයෙ තරම Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment