ක්‍රීඩා

ශූරයන් වූ අපේම උන්ට

කැම්පස් එකට ආපු මුල් දවසේ දැකපු පිට්ටනියට වඩා දැන් මාස ගානක ඉදලා කැම්පස් එකේ පිට්ටනිය හරිම කාර්යයබහුල වුනා. freshers’ ඉවර වෙලා inter faculty ත් සෙල්ලම් කරපු අපේ උන් තවත් practice යද්දී, ලබන සතියේ team selection කිය කියා කප්පරක් exam, inclass, assignment වැඩ අස්සේ practice කරද්දි, වෙනදට අපි free වෙලාවට ගිහින් සෙල්ලම් කරන gym එකේ අපිට ඉඩක් නැති වෙන තරමට team practice  තියෙද්දි, ලස්සනට සුදුවට හිටපු උන් අගුරු කෑලි වගේ කළු වෙද්දී ,මේ පාරනම් කොහොම හරි inter uni ගහමු කියලා හැම තැනම කතා ඇහෙද්දි, inter uni වල සෙල්ලම් කරපු, සෙල්ලම් කරපු නැති හැමෝටම මගේ හිතට දැනුනු “මේ පාරනම් අපි දිනනව” කියන හැගීම ඒ විදිහටම දැනුනා කියන එකනම් නොඅනුමානයි. තරගාවලිය පුරාවටම අපේ කොළඹ විශ්ව ව්ද්‍යාලීය නාමය පෙරමුණේම තිබ්බත්, තරගාවලියේ අන්තිම දවසේ “කරාතේ overall එකත් අපිට” කියලා සෙල්ලම් කරපු අපේ එකෙක් group එකක දාලා තිබුණු message  එක දැක්කම ඒ මට දැනුන සතුටට ආඩම්බරයට වඩා  ඒ පණිවිඩය දැනගත් විට ඒ වෙනුවෙන් රෑ දවල්, අව්ව වැස්ස, ලෙඩ දුක් නොබලා කැප කිරීම් කරපු, තමන් වෙනුවෙන්ටත් වඩා සරසවි මාතාව වෙනුවෙන් ක්‍රීඩා කරපු අපේම උන්‍ට කොතරම් නම් සතුටක් ආඩම්බරයක් ඇතිද?

ඉතින් රට පුරා විශ්වවිද්‍යාලයයන් දහහතරක්  වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ,තම සරසවිය වෙනුවෙන් ඔල්වරසන්  නැංවූ විශ්වවිද්‍යාල දහහතරක සිසු සිසුවියන්, අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ ශූරතාවය තම සරසවි මව් තුරුලට රැගෙන යාමට දැකපු ඒ හීනය කොළඹ  විශ්වවිද්‍යාලයීය අපි හැබෑ කරගත් බව මම මෙහි සදහන් කරන්නේ ආඩම්බරයෙනි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය ලබාගත් මගේ කොළඹ විශ්වවිද්‍යාලයටත්, අනුශූරතාවය ලබාගත් සහෝදර ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත්, තෙවන ස්ථානය ලබාගත් සහෝදර  මොරටුව විශ්වවිද්‍යාලයටත් Colombo Beacon අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරන අතරම ක්‍රීඩා තරග වලින් ජයග්‍රහණය කල, ක්‍රීඩා තරග වලට සහභාගි වුන, සියලුම සහෝදර සහෝදරියන්ට Colombo Beacon අපගේ උණුසුම් සුභ පැතුම්.

විශේෂයෙන්ම ක්‍රීඩා උත්සවය තවත් වර්ණවත් කරමින්,

මිනිත්තු 4:01:07 තුළදී 1500m පිරිමි දිවීමේ ඉසව්ව නිම කරමින් නව වාර්තාවක් තැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ නිෆ්‍රාස් සහෝදරයාටත්,

තත්පර 12.7 ක් තුළදී 110m පිරිමි කඩුළු පැනීමේ ඉසව්ව නිම කර නව වාර්තාවක් තැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  උදය කුමාර සහෝදරයාටත්,

තත්පර 24.5 ක් තුළදී 200m කාන්තා  දිවිමේ තරගය නිම කර නව වාර්තාවක් තැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ උදයංගනී සහෝදරියටත්,

පිරිමි 200m හා 100 m තරග ජයග්‍රහණය කරමින් ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා කිරුළ හිමි කර ගත් කොළඹ විශ්වවිද්‍යාලයේ M.S.N.කුමාර සහෝදරයාටත් ,

Colombo Beacon අපගේ උණුසුම් සුභ පැතුම්!

ඉතිං කොළඹ විශ්වවිද්‍යාලයීය නාමය ඉහලින්ම බබලවන්නට, සරසවි මෑණියන් අභිමානයෙන් පුරවන්නට කැප කිරිම් රාශියක් කෙරූ, දායක වූ සියළු දෙනාට අපේ ගෞරවය පිරිනමන අතරම නැවතත් ඊළග වසරේදීත් අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ ශූරතාවය කොළඹ විශ්වවිද්‍යාලයට ගෙන එන්නට හැකි වෙන්නැයි Colombo Beacon අපි ප්‍රාර්ථනා කරනවා.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කල්පනී ආරියරත්න

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment