ආගමික ඉතිහාසය දැනුම විශේෂ දිනයන්

ශෛලපුර උරුමයේ අරුම…

ශ්‍රී ලංකාවට අභිමානවත් ඉතිහාසයක් පවතින අතර රාජධානි ක්‍රමය නිරිතදිගට මාරු වී අවසාන රාජධානිය බවට පත්වන්නේ මහනුවර රාජධානියයි. අනුරාධපුර යුගයේ දී මෙම ස්ථානය කණ්ඩක පේඨය ලෙස හඳුන්වා දී ඇති බවට මූලාශ සාධක සපයයි. සෙංකඩගල උපත පිළිබඳ විවිධ මත මත වාද පැවතියද ලිඛිත සාක්ෂි ඌනතාවය නිසා ජනශ්‍රැති සාධක   පදනම් කර ගනී.

  • සෙංකණ්ඩ නම් බ්‍රාහ්මණයකුගේ නමින් නගරය හඳුන්වනු ලැබීම.
  • සෙංකණ්ඩ යනුවෙන් හැදින් වුණු තුන්වැනි වික්‍රමබාහුගේ මෙහෙසියගේ නමින් නගරය හඳුන්වනු ලැබීම.
  • චෙන්කන්ථම් යන වචනය ශිව දෙවියන්ට යෙදෙන විරුදාවලියක් සේ සලකා ශිව දෙවියන් වෙත පුදන ලද දේවාලයක් හෝ එම නමින් බ්‍රාහ්මණයකු හෝ උදෙසා නගරය නම් කළා විය හැකි වීම.
  • සෙංකඩගල නැමැති රක්ත වර්ණ පාෂාණයක් නිසා නගරයට එම නම ලැබීම.

මේ අතුරින් නගරයේ ප්‍රභවය පිළිබඳ ප්‍රකට විශ්වාසය වන්නේ සෙංකණ්ඩ නම් බ්‍රාහ්මණයකුගේ නමින් නගරය හඳුන්වනු ලැබීම යන්නයි.

පළමු රජු ලෙස සලකන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමාය. එතුමාගෙන් පටන් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දක්වා සිංහල පෙළපත කිරුළු දැරුවද නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු ද්‍රවිඩ ආභාසයක් සහිත නායක්කාර වංශික පෙළපත කිරුළට උරුමකම් කියන්නට විය.

ශෛලපුර  යනු,  ලංකාවේ තිබෙන හැම නගරෙකටම වඩා විශේෂ තැනක් බවට තවත් සාධක අවශ්‍ය නැත. නුවර හරි ආදරණීයයි. නුවර හැම ඉසව්වකටම රටාවක් ඇත. නුවරටම වෙන වූ කලාවක් ඇත. හැම ගොඩනැගිල්ලකටම අර්ථයක් ඇත. පාරක තොටක මග තොටේ හමුවෙන ගහක වැලක පවා චමත්කාරයක් ඇත. නුවරටම වෙන් වූ පෙරහැරක් ඇත. නුවරටම වෙන් වූ නර්ථන වින්‍යාසයක් ඇත. නුවරටම තැනූ මාලිගාවක් ඇත. සියල්ලටම වඩා ඉහළින්ම ඇත්තේ පූජනීය බවකි. 

ඓතිහසික නුවරට වෙන් කරන ලද  ශිෂ්ටාචාරයක් ඇත. ඒ නිසාම අන් හැම නගරෙකටම වඩා නුවර ගැන අලුතින් හිතන්න, අලුතින් හොයන්න, අලුතින් ලියන්න අමුතු කතාවක් නැති අයෙක් නොමැති තරම් ය.

බෞද්ධයන්ගේ මුදුන් මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා මාලිගය පිහිටා තිබෙන්නේ මෙම පින් භූමිය තුළයි. සුද්දා ගල විදපු නිසා ගොඩනැගුණු මේ භූමිය ලොවක් දන්නා යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වී හමාරය. සුප්‍රකට ඉතිහාසයක් නිදන්ගත වී ඇති මෙම පුණ්‍ය භූමිය අනාගතයට රැකගත යුතුම වස්තුවකි. මුතුන්මිත්තන් අතීතයෙන් ගෙන ආ දේවල් රැකගෙන ඉදිරි පරම්පරාවන් වලට භාර දීම අප සතු එකම වගකීමයි.

Design : Samudini Doraliyagoda

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සංසලා රත්නායක

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment