ඈත දවසක හිරු බසින ගොම්මනක
සිත නිවන ගැමි සුවඳ පිරුණු රස මතකයක
ගුලි ගැහෙමි ගිලිහෙන්න නොදී ඒ මිහිරාව
විඳගන්න නැත ඉඩක් දුවයි සිල්ලර හඬට
සොබාදම් තුරුළෙ හිඳ කෙළි දෙළෙන් රස මවපු
කාසි නැති සතුට පිරි සැනසුමෙන් ගත කරපු
දිවියෙ හැඩ සොඳුරු විය ගලේ කෙටු ඉරක් බඳු
සදා රැඳෙ හදවතෙ හි, සතුට මිහිදන් කරපු
නොපෙනෙනා මිරිඟුවක් පසුපසින් හඹා යන
හිතවතා පරයමින් රන් ඔටුනු දරාගෙන
මදුවිතින් මත් කෙරුණු ෆැන්ටසිය අයාගෙන
සතුට උකසට තබා මිලින වූ කය කුමට!
Leave a Comment