බාල වියට සමු දී ආවා කෙමෙන්,
හිඳියි සුන්දර යෞවනය ගෙවමින්
දුටුවෙයි බඹරුන් පෙමින් වෙලි මලක,
සිතුනා විසය ද මුන්ටත් මේ දිනෙක
දුටුවා රුවක් කිසිදා නොදුටු වරෙකම,
ගැටුණේ මනසට දෙනෙතයි ඇගේ ඒ වෙලෙහිම
සුන්දරයි පෙම් සිතුවිලි මනසට ගලනා,
කළඹති හැඟුමන් නිතරම දැනෙනා
කතා බසකින් වෙලුනෙමි පෙමින් ඇයට,
පතමින් මොහොතම ඔබ වනු මගේ සැමදාට
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්,
මගේ රණහංසි ඒ දෝ සිතමින්
Leave a Comment