සඳ ඔබ නිදන්න මට මගෙ ලෝකයෙ තනි වෙන්නට ඉඩ දී…
හදවත දවනා මතකය මැද මට කිමිදෙන්නට ඉඩ දී…
තරු කැන් සමඟින් නුඹ දුර ඇදෙන්න තනියට මට ඉඩ දී…
වැරදුණු තැන මට අදහනු බෑ තව කුමටද නුඹ ළං වී…
පැතූ පැතුම් හද මැවූ සිතුම් සුණු විසුණුව ගියද කෙසේ…
සිහින මාළිගා විසිරිණු හැටි මට මායාවක් විලසේ…
ලොවම එරෙහි වී මටම කුරිරු වී මා තනි කරන ලෙසේ…
නුඹත් යන්න දුර කිසිත් එපා මට අනියත වූ මෙලොවේ…
කඳුළු බිඳුවකට නෙතග මැවෙන කොට අගයක් නැතිද ලොවේ…
හදක් බිදෙන කොට සිතක් රිදෙනකොට ලෝකෙම ඇයිද මෙසේ…
වැරදි කරනකොට ඇඟිලි දිගු කරන් රිදවුම් ගෙනෙන ලෙසේ…
නොහැකිද අතදී වෙරදී ගන්නට හරි මඟ කවර ලෙසේ…
Leave a Comment