දියමත ඇඳි ඉරක් වේද
නොපෙනී යයි ඇඳූ විගස
ගල මත ඇඳි අකුරු නිබඳ
යළි නොමැකේ කිසිම දිනෙක…
මිතුරන් ලෙස අප හමුවට
කොතරම් අය ආවත් තව
ඒ අය හා බැඳි මිතුදම
දිය මත ඇඳි ඉරක් වීය…
බෙදා හදා යළි දුක සැප
නුඹ හා මා බැඳි මිතුදම
ගල මත ඇඳි අකුරු විලස
පවතීවා සදාකල්ම…
Leave a Comment