ලතාවට රටාවට,
ගලා බසිනා නුඹට,
මහා පරුවත් වුවත්,
පුංචි ගල් පර වුවත්,
හැකිය පසු කරනට,
නිහඬ නිසසල මඟක…!!
තුඩින් තුඩ එකතු කර,
මනස කැළඹුම් කරන,
අතහරින්නට බැරිව,
මහ දුකක් තුරුළු කර,
සිත් විලම කළඹමින්,
කඳුළු කැට වඟුරමින්,
සිතුවිල්ල ඇයි තවම,
විඩා දෙන්නේ මෙලෙස…!!
ගඟක් සේ ගලන්නට,
අතැර සිතුවිලි බැම්ම,
සමිඳු සරණම පතා,
සසර තවමත් මෙමා….!!
Design by – Bimal Navin
Leave a Comment