කිරි නැතත්
සීනි ටිකකින් කහට උගුරක රස බලන මිනිස්සු,
ටෙලිෆොන් නැතත්
අනෙකා කෑවද,බීවද, හොදින් ද කියලා හිතට එකගවම දුක සැප බලන මිනිස්සු,
ලයිට් නැතත්
චිමිනි ලාම්පුවේ එලියෙන් හරි ජිවිතයට එලිය
හොයන මිනිස්සු,
වාහන නැතත්
ගව් ගනන් දුර ගෙවලා මහන්සියෙන් යමක් හොයන
දා බිදුවකම අගේ දන්න මිනිස්සු,
හැම් ,බේගන්,පිට්සා නැතත්
ගමේ හැදෙන කොස් ගෙඩියෙන් හරි බඩකට පුරවගන්න මිනිස්සු,
කවුරු කොහොම කීවත්
මොන දේ නැතත්
ලද දෙයින් නොසෑහෙන්න සතුටු වෙන
සරල හිනාවෙන් මුහුන පුරවාගත්ත මිනිස්සු
දෙනොදාහක් සැප සම්පත් තියන
නගරෙ නෙවෙයි,
තාමත් ඉන්නවා
ගමේ..
Leave a Comment