විශ්ව විද්‍යාලය

සරසවියට නව හසරැලි

අද අපේ විද්‍යා පිඨයට අලුත් මුණු ටිකක් ආවා. අතේ file තියාගෙන, අම්මලා තාත්තලා එක්ක, පොඩි චකිතයකුත් එක්කම. හැම අවුරුද්දකම ඔය වගේම මේ විද්‍යා පිඨයට පිරිසක් ඇතුළු වෙනවා. අපිත් ඒ වගේමයි. ඔයාලගේ අද දවස, අපේ එදා දවස මතක් කරලා දෙන්නේ, අපි අවුරුද්දකින් වයසට ගිය කියන හැඟීමත් එක්කමයි. එදා දවස ගැන හිතද්දී මතකයන් ගොඩක් අපේ හිත වල පැල පදියම් වෙනවා. අපි කවුරු කවුරුත් විශ්ව විද්යාලයට එනකො එන්නේ පුංචි ආඩම්බරයක් හිතේ තියගෙනමයි. කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨය කියනකොට ඒ ආඩම්බරය තවත් වැඩියි. හැබැයි විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනකොට අපේ හිත වල තියන සතුට මුණු වලින් නම් දකින්න බැරි උන. ඒ අපි ආවේ ලොකු චකිතයින් නිසයි. අලුත් පරිසරයක්, අලුත් නවාතැනක්, අලුත් අධ්‍යාපනයක්, අලුත් මිතුරන් පිරිසක් ඒ වගේම අලුත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක්.ඔය අන්තිමට කියපු එක ගැන තමයි ලොකුම චකිතයක් තිබ්බේ. ඒ චකිතයම අද මේ අලුත් මුණු වලිනුත් දැක්කා. හැබැයි නංගියේ මල්ලියේ ඔයාලට මේ විද්‍යා භූමියෙන් කිසිම වරදක් වෙන්නේ නැ. මොකද මේ බිමට පය තිබ්බ මොහොතේ ඉදල ඔබ මේ විදු මෑණියන්ගේ දරුවන් නිසා.

විද්‍යා පිඨය තුළ මගේ අත්දැකීම් අවුරුද්දකට සිමා උනාට ඒ අවුරුද්ද තුළ සරසවියෙන් ලබගත්ත දෙ බෝමයි. දැනුම, ක්‍රීඩාව, fresher’s, function මේ හැම දෙයක්ම ලැබුනා. හැබැයි ඔය හැම දෙයකටම වඩා ඕනෑම දෙකදී ලගින් ඉන්න batch එකක් හම්බුනා. ඉහලද පහලද, දුප්පත්ද පොසත්ද බලයද මේ හැම දෙයක්ම batch එකේ සහෝදර පවුරට පහලින් තියෙන්නේ. ඒ නිසා අපේ හිත වල තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. දැනුමට එහා ගිය, පොත පතට එහා ගිය මහා මෙරක් දේවල් මේ සරසවි පියසේ ඔයාල වෙනුවෙන් තියනවා හැබැයි ඒ දේවල් ලබා ගන්නවද නද්ද තීරණය කිරීම ඔබ සතු දෙයක්. ඉතින් නංගියේ මල්ලියේ, මේ විදු පියස තුළ ගමන් පහසු එකක් නම් නෙවෙයි. අභියෝග, ප්‍රශ්න, බාධා මේ හැම දෙයක්ම තියන එක්තරා විදියක ත්‍රාසජනක ගමනක්. ඒ ත්‍රාසජනකතාවය නිසාම මේ ගමන සුන්දර එකකි වේවි.

විද්‍යා පිටයෙන් මට හම්බුනු සුන්දර නිහතමානී පෞර්ෂයක් මට දුන්නු ඔවදනක් මම ඔබටත් දෙන්නම්. ඔබ කොච්චර දුර්වල උනත්, ඔබට හිමි ස්ථානයට, ඔබය යුතු ස්ථානයට සුදුසුම කෙනා ඔබ යැයි සිතන්න. ඔබට හිමි විය යුතු දෙ නිහතමානිව උත්සාහයෙන් ලබා ගන්න. එවිට ජීවිතය විසින්ම ඔබව සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරවී. මේ නැවතුමක් නොව ආරම්භයක් පමණි.

පිළිගනිමු නවක ඔබ ලෙන්ගතුව සෙනෙහසින්.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නෙත්මි දයාරත්න

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment