දහසකුත් දෙනා ඇදී එති. එපමණක්ම නවතා යති. ආ ලෙසම තනිව යන්නෝ වෙති. බොහෝදෙනා දෙදෙනෙකු වී යති. ඒ අතර දෙදෙනා තුන්දෙනා වී යන අවස්ථාද නැතිවා නොවේ. සිතින් පෙම් බැදන්, එනතුරු දෑස අයා බලා සිටි වුන් මෙපමණයැයි කියා කියන්නට පවා සිතා ගැනීමටවත් නොහැක.
දහසක් දෑගිලි එක් කළ සමහර නෙත් කදුළින් බොද කළ ඒකපාර්ශවීය ද්විපාර්ශවීය මෙන්ම බහුපාර්ශවීය ප්‍රේම කතන්දර දිග හැරුනු තැනකි මෙය. ඔව් ඇත්ත මේක තමයි ජීවිතේ සුන්දරම පරිජේදය සරසවියේ අපේ ජීවිතය…
එවන් සරසවියේ අපේ පොත් ගුල නිහඩව කොතරම් නම් සේවයක් කරන්නට ඇතිද? නෙත් නැණ මඩල පෑදුවා සේම සරසවියෙන් යනෙන තුරු ගෙතුනු ආදර කතා කී දහසකට නම් පදනම සපයන්න ඇතිද?
මානවකයින් කී දහසකට තම උරුම මානවිකාවන් මුන ගස්වන්න ඇතිද? එවන් වූ සුන්දර සරසවි ප්‍රේමයක ආරම්භක පරිජේදයයි මේ..මේ ඔබේ ආදර කතාවද විය හැකියි. එසේ නොවන බව කාට නම් කිව හැකිද???
ඔබේ දෑස මම
දුටිමි එදා දින
සරසවියේ පොත්
ගුල ඇතුලේ
දුටුව සිනා ඔබේ
ඇදුන දෙතොල් මත
සිටියේ වශී වී
මුලු දවසේ
කොදුරනු දුටුවා
හසරැලි නැගුණා
ඔබ වටකර
යෙහෙළියො සිටියා
නැත ඔබ දුටුවේ
මා නෙතු ඔබ වෙත
ඔබ නෙතු තිබුනේ
පොත්අතරේ
ඔබෙ රුව වින්දා
මගෙ සිත පිරුනා
හද පිරි සතුටක්
මා ලැබුවා
නැත ඒ කිසිවක්
ඔබ දුටුවේ
ඔබෙ නෙතු තිබුනේ
පොත් අතරේ
මානවකයාගේ ආදරයට කුමක් වේද? ඉදිරිය සුබ වෙයිද? නැත්නම් නොසිතූ දෙයක් වෙයිද? සරසවි ප්‍රේමය ඉදිරි කොටසින් බලාපොරොත්තු වන්න…
Leave a Comment