පුරා සියවසක් ඔබ දුන්නෙමි සෙවණ
දස දහසක් අරමුණු වෙත එළියත් නොඅඩුව
ඔබ තුරුලට ආ පරපුර දනිතියි ඒ ගැන නිරතුරුවම
දිටීමට දින ගනිමින් හිඳී අපත් ඔබේ රුව මතු කලෙක
සරසවි මෑණියනි ඔබයි දිදුලන සම්පත
වාගෙයි අගතැන් ගත් දැනුම් මන්දිරයක්
නොවේ පුරවරට රටටම ආලෝකයකි නුඹ
නැණවත් පුරවැසියනු යි දායාදය සැමදා ඔබේ
උසස් පෙළ කල දුටු සිහිනය වූවා සැබෑවක්
ඔබ සෙවණට මටත් ඇත ඉඩක් කලෙකට මතු
දැනුමට සීමා නොවන්නට වෙන්නම් ඔබට පොරොන්දුවක්
නමස්කාරය ඔබට යි සරසවි මෑණියනි කොළොම්පුර මාතා
👍👍