විශ්ව විද්‍යාලය

සරසවි මිතුදම්

උසස් පෙළ සමත්ව
පුංචි රැළි පොඩිත්තක්ව
එක් වූ සමනල්ලු රෑනක්ව
සැරසුණේ සොයා යාමට
සුමුදු වැලි තීරයක්
සරසවිය නමින් ලද
විසල් මහ රුකක් යට
චකිතයක් හිත දරා
ඔවුනොවුන් හඳුනා නොගෙන
උන්නු ඒ පළමු දින
මතකය ගෙනෙයි
අමතක නොම වෙන මතක
නමුදු දැන් අප සැවොම මිතුදමට එහා ගිය
බැඳීමක් හිත දරන්
සහෝදර බැඳීමෙන්
උන්නු බව සිහි කරන්
අපි සැවොම එක් වෙලා
කියන කරනා
සිනා කෙළි කවටකම්
සවි කරයි මිතු පවුර තව තවත්
දිවි තුරා පවතිනා
සරසවි මිතු බැඳුම්
මිතුරු බව ඉක්මවා
සහෝදර බැඳීමක්
මවන බව සිහි කරන්
සැමදා එකට ඉමු
මිතු පවුසවි කරන්……
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රශ්මි තරංගා

හෙද පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment