නිසල දියඹේ පතුලේ රැඳ වූ රුවයි නුඹ
අභිමන්…
නෙතු නුදුටු සිත මවයි නුඹෙ රුව සිහිනයේ
සිත්තම්…
කෙලෙස පවසම් නැගෙන සිතිවිලි බිඳේවිද
මිතුදම්…
අහංකාර හිත බැඳ දමා මගෙ නැගෙන මේ
හැඟුමන්…
නොසිතු විලසින් සොයා ඇවිදින් මුණ ගැසී
එලෙසින්…
නොදුටු මා නුඹ දුටුවෙ කිමදැයි නොවැටහේ
අදටත්…
නාස් පුඩු අග රැඳී කිති ලන හච්චිමක්
නුඹ දැන්…
දුරින් ඉන්නට සිතු වනත් සිත නොදෙයි ඉඩ
සොබදම්…
නැගෙන සිතිවිලි දරා ගන්නම් රැක ගන්න
මිතුදම්…
දුරින් හිඳගෙන බලා ඉන්නම් නුඹේ ඔය
දඟකම්…
පතන ජය මග දිරි පතන්නම් දිනන්නට
සිත් මං…
මුවේ හසරැල් නිති දකින්නට හැඟුම්
සඟවන්නම්…
Leave a Comment