මිදුනු හිම වන් සිසිල් සුළඟින්
ගත සිතම හිරි වැටී ගල් වී
තුෂර පිනි අග මතුවෙනා විට
මොහොතකට මට උණුහුමින් උන්
සිහිනයයි ඒ පහස ලැබදුන්
ගතින් පමණක් නොව සිතින් මා
දා බිදෙන් තෙත් වී ගලන විට
කළ යුතුයි මා කළ යුතුයි කිව්
සිහිනයයි අද මෙසේ හිනැහෙන
අක්ෂරය නොව ඉලක්කම් නොව
සඵල වර්ගම මිනිස් නිමැවුම්
මොළය තුලටම හී සරක් ලෙස
විද දැමූ ඒ හීනයයි …
වෙනස් වූයේ පුරුදු හීනෙන්
නිදි ලොවේ පමණක්ම නොදකින
හිරු රැසෙන් තඹ සම පිළිස්සෙන
මහමඟක දුම්රියක බසයක
ඇවිදිනා විට දුටුව හීනය .
…..සරසවියමය …..
Leave a Comment