ජෛව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව සර්පයින් Animalia රාජධානියේ (kingdom) Chodata සත්ත්ව වංශයට (phylum) අයත් වේ. Chodata වංශයේ Vertibratae නම් උප වංශයේ Reptilia නම් වර්ගයට (class) අයත් වේ.
Reptilia වර්ගය Anapsida, Lepidosauria හා Archosauria ලෙසට උප වර්ග තුන කට බෙදෙන අතර සර්පයින් අයත් වන්නේ Lepidosauria උප වර්ගයටයි.
Lepidosauria උප වර්ගය නැවත Rhynchocephalia සහ Squmata ලෙසට නැවත ගෝත්‍ර (order) දෙකකට බෙදේ. මින් Squmata ගෝත්‍රය Sauria,Amphisbaenia හා Serpentes ලෙසින් උපගෝත්‍ර තුනකට වර්ග කළ හැකි අතර සර්පයින් අයත් වන්නේ Serpentes උපගෝත්‍රයටයි.
Serpentes උපගෝත්‍රයට අයත් කුළ (family) 11 සර්පයින් මෙරටදී හමුවේ.
Kingdom | Animalia |
Phylum | Chodata |
Sub Phylum | Vertibratae |
Class | Reptilia |
Sub Class | Lepidosauria |
Order | Squmata |
Sub Order | Serpentes |
ශ්‍රී ලංකාවේ සර්පයින් අයත් වන කුළ (Family)
Family Acrochordidae
Family Boidae
Family Colubridae
Family Cylindrophiidae
Family Homalopsidae
Family Natricidae
Family Pythonidae
Family Typlopidae
Family Uropeltidae
Family Viperidae
Family Elapidae
Leave a Comment