අපේ campus එකේ chemistry society එකෙන් වාර්ෂිකව සිදුකරන සමාජ සත්කාරක වැඩසටහනක් තමා “සහස්” කියන්නේ,මේ අවුරුද්දේ එහි සංවිධාන කටයුතු කොහොමද කියල දැන ගන්න අපි සංවිධායක මණ්ඩලයේ නිශාන් (මග්ගා) අයියව මුණ ගැහුනා.
Q1: මොකද්ද මේ සමාජ සත්කාරක වැඩසටහන ?
මේ project එක “සහස් 2015”, රසායන විද්‍යා සංගමයෙන් සංවිධානය කරන වැඩසටහනක්, පාසල් වලට ගිහින් seminar එකක් කරනවා පලවෙනි දවසේ, දෙවැනි දවසේ A/L chemistry practicals ටික කරනවා. ඊට අමතරව අපිට එකතු වෙලා තියන සල්ලි වලින් donations කරනවා. කුලියාපිටිය, නිකවැරටිය,පුත්තලම කියන කලාප තුනේ පාසල් 18කින් එකතු වෙන ළමුන් 350ක් වගේ ප්‍රමාණයකට පාසල් උපකරණ කට්ටලය බැගින් ලබා දෙනවා. ඒ වගේම එම පාසල් 18ට lab items ලබා දෙනවා.
Q2: කාගේ මූලිකත්වයෙන් ද මේ සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය වෙන්නේ?
මේකේ මුලිකත්වය ගන්නේ අපේ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා සංගමය. Dr. රෝහිණි ද සිල්වා මහත්මිය තමා incharge විදිහට ඉන්නේ. ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මේක කරගෙන යන්න.
Q3: මේ වගේ දෙයක් සංවිධානය කිරීමේ අරමුණ අපට පැහැදිලි කරනවනම් කෙටියෙන්?
අපේ campus එකේ බහුතරයක් දුෂ්කර පාසල් වල ඉදලා තමන්ගේ මහන්සියෙන් විශ්ව විද්‍යාලයට ආපු අය, ඉතින් පහසුකම් අඩු තැනකට ගිහිල්ලා දැනට campus එන පිරිස තවත් වැඩිකරගන්න අත දෙන එක තමා අපේ අරමුණ
Q4: මේ කටයුත්තට දායකත්වය දක්වන්නේ කවුද?
මුලින්ම මතක් කරන්න ඕනේ society එකේ incharge ඉන්න රෝහිණි මැඩම්, ඊට පස්සේ chemistry department එකේ academic staff එක ලොකු සහයෝගයක් දෙනවා, ඒ වගේම chemistry society එකේ president ලක්ෂිත අයියා , 3rd year batch එකේ chemistry,pharmacy, CC , MB special කරන හැමෝමත් අනෙක් සහෝදර සහෝදරියෝ හැමෝමත් සහයෝගය දෙනවා , 3rd year batch එක නොහිටින්න මට තනියම මේක කරන්න බැ,සහයෝගය සහ ඔවුන්ගේ දායකත්වය පිළිබඳව සතුටුයි.
Q5: කී වන වරටද සංවිධානය වෙන්නේ ?
මේක වාර්ෂිකව සංවිධානය වෙන සමාජ සත්කාරයක් , හතරවන වරට සංවිධානය වෙන්නේ
Q6: මෙය සිදුවන දිනය, තැන සහ වෙලාව???
බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ, පාසල් 18ක ළමුන් එතනට එකතු වෙනවා, සැප්තැම්බර් 28,29 දවස් දෙකේම උදේ 9 සිට හවස 4 වෙනකන්
Q7: සංවිධාන කටයුතු වල තත්වය කොහොමද?
බඩු භාර ගන්න අවසාන දවස් කිහිපය ගෙවෙන්නේ, ඊට අමතරව මිලදී ගැනීම් ගොඩක් කරන්න තියනවා, ප්‍රශ්නයක් නැතුව කරගෙන යනවා
Q8: මේ දේ කරගෙන යද්දී දැනට මතුවුණ බාධක මොනවාද?
ලොකුම බාධකය තමා මේකට ගොඩක් ලොකු වියදමක් යන නිසා මුදල් ප්‍රශ්නය ,ඒකත් මේ වෙනකොට ගොඩක් දුරට විසඳගෙන තියෙන්නේ, අපිට dialog එකෙන් ලොකු sponsorship එකක් ලැබුණා, periodic table එකක් print කරලා campus එකේ සහ පිට ස්ථාන වල විකුණලා එකෙන් මුදල් හොයා ගත්ත, හැමෝම වගේ ඒක මිලදී අරගෙන ලොකු සහයෝගයක් ලබා දුන්නා.
Q9: විශේෂයෙන් මතක් කරන්න/ ස්තුති කරන්න පිරිසක් ඇතිනෙ, ඒ ගැන කියමු,
මුලින්ම රෝහිනි මැඩම් ඇතුළු academic staff එකට, මේ සදහා පොතක් , පැනක්හෝ donation එකක් විදිහට බාරදුන්නු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒක ලොකු පුණ්‍යකර්මයක්,ප්‍රමාණය නෙවේ වැදගත් , ඔබ ලබා දුන්නු දෙයින් තවත් ළමයෙක්ට උදව්වක් වෙලා විශ්ව විද්‍යාලයට වරම් ලබනවා නම් එයයි වැදගත්
Q10: අවසාන වශයෙන් සහස් 2015 ගැන අයියට කියන්න තියෙන්නේ මොනවද?
මේකට හැමෝම එකතු වෙන්න, මේක ලොකු පුණ්‍යකර්මයක් , අපි සිකුරාදා වෙනකන් donations බාර ගන්නවා, ඔයාලගේ A/L past papers, පොත, පෙළපොත් තියනවා නම් ඉක්මනින් අපිට ගෙනත් බාර දෙන්න, ඉරිදා අපි පිටත් වෙනවා, ඒ නිසා හැකි උපරිමයෙන් මේ සදහා දායක වෙන්න කියල ඉල්ලනවා,
ඒ වගේම colombo beacon එකට ස්තුතියි “සහස් 2015” ගැන කතා කලාට .
අයියටත් බොහොම ස්තුතියි මේ වගේ කාර්යබහුල වෙලාවක අපිත් එක්ක කතා බහකට ඒක වුනාට, “සහස් 2015” මහගු පුන්‍යකර්මය ඉතා සාර්ථකව කර ගන්න ලැබෙන්න කියලා beacon අපි සුබ පතනවා.
Leave a Comment