Interview

සහස් 2016 – මෙවර මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලයේදී

කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවන හා සිව්වන වසර වල රසායන විද්‍යා අංශයේ සිසුන් විසින් වාර්ෂිකව එක්ව සංවිධානය කරනු ලබන සහස් වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක කිරීමට මුල පුරන බව Colombo Beacon අපට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමට අපි සම්බන්ධ කරගත්තා මෙවර සහස් ’16 වැඩසටහනේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන තෙවන වසරේ ඉගෙනුම ලබන වරුණ සංජය සොයුරාව.

Q1: සෑම වර්ෂයක් පාසා පවත්වන සහස් වැඩසටහනේ මීළඟ පියවර ලෙස ඔබ සැවොම තෝරාගත්තේ කුමක්ද?

මෙවර අපි තෝරගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලය. ලබන වසරේ උසස් පෙළට පෙනී සිටින අපේ නංගිලා මල්ලිලාට රසායන විද්‍යා සම්මන්ත්‍රණයක් සහ රසායන විද්‍යාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළබඳ වැඩසටහනක් තමයි මෙහිදී පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව එම විද්‍යාලයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

Q2:සහස්‍ ’16 වැඩසටහනේ මුලිකත්වය අරගෙන කටයුතු කරන විශේෂ සංගමයක් හෝ පිරිසක් ඉන්නවද?

විද්‍යා පීඨයේ රසායන විද්‍යා සංගමය තමයි මෙහි මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ.

Q3:රසායන විද්‍යා සංගමයේ වත්මන් නිලධාරීන් මණ්ඩලය සහ වත්මන් වැඩ පිළිවෙල ගැනත් අපි මුලින් ටිකක් කතා කරමු.

වත්මන් සභාපති දිල්හාන් අයියා, ලේකම් විහඟ අක්කා සහ භාණ්ඩාගාරික විදියට කටයුතු කරන්නේ නිපුනි අක්කා. මේ හැමෝම අපිට ලොකු සහයෝගයක් දෙනවා මේ වැඩසටහනේ සියලු කටයුතු වලට.

Q4:වාර්ෂිකව සංවිධානය කරන මේ දැවැන්ත සහස් වැඩසටහනට අමතරව රසායන විද්‍යා සංගමයේ මූලිකත්වය මඟින් සිදුවන තවත් වැඩසටහන් තිබෙනවාද? ඒ පිළිබඳවත් අපි මතක් කරමු.

ඔව්. මේ සහස් වැඩසටහනට අමතරව අපි වාර්ෂිකව තවත් වැඩසටහන් දෙකක් විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කරනවා. ඒ තමයි, අන්තර් පාඨශාලීය දැනුම මිනුම තරඟාවලිය සහ වාර්ෂික අයිස්ක්‍රීම් දන්සල. දැනුම මිනුම තරඟාවලිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තියනවා.

Q5:හොඳයි අපි නැවතත් අපේ ප්‍රධාන මාතෘකාවට හැරෙමු. මෙවර සහස් ’16 වැඩසටහන ක්‍රියාත්මක කරන්න යොදාගෙන තිබෙන දිනයන් පිළිබඳ පුංචි මතක් කිරීමක් කළොත්?

ඔක්තෝබර් 8 සහ 9 යන දෙදින පුරා මේ වැඩසටහන මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලයේ දී ක්‍රියාත්මක කරන්න නියමිතයි.

Q6:මෙම වැඩසටහනට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කොයි ආකාරයෙන්ද සම්පාදනය කරගන්නේ?

අපිට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන් Sponsorship වලින්, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයෙන් සහ විශ්ව විද්‍යාල සහෝදර සහෝදරියන්ගෙන් එකතු කරගන්න පුළුවන් වුණා. ඊට අමතරව ආවර්තිතා වගු මුද්‍රණය කළ කාඩ්පත් විකිණීමෙනුත් තව මුදල් ප්‍රමාණයක් අපි සොයාගත්තා.

Q7:වැඩසටහනේ සාර්ථකත්වයට ලැබෙන ශ්‍රම දායකත්වය කොයි වගේද?

අපේ Department එකේ සියලුම දෙනා සෑහෙන ශ්‍රම දායක්තවයක් ලබා දෙනවා මේ වැඩසටහන සාර්ථක කරගන්න.

Q8:මේ ලිපිය කියවන අපගේ පාඨක පිරිසටත්, විශ්ව විද්‍යාලයේ අනෙක් සිසුන්ටත් කොයි විදිහටද සහස් ’16 වැඩසටහනට දායකත්වය ලාබ දෙන්න පුළුවන්?

පොත්පත් ලබාදීමෙන්, ආවර්තිතා වගු සහිත කාඩ්පත් මිලට ගැනීමෙන් ඒ අයටත් මේකට දායකත්වය ලබා දෙන්න පුළුවන්.

Q9:අවසාන වශයෙන්, මේ වැඩසටහන පිටුපස එහි සාර්ථකත්වයට උර දෙන විශාල පිරිසක් මතක් කරන්න ඇති. ඒ අය ගැන මතක් කර ඔවුන්ට ස්තුතිය පළ කරන්න මෙය අවස්ථාවක් කරගන්න පුළුවන්.

ප්‍රථමයෙන් මතක් කරන්න ඕනේ රසායන විද්‍යා සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය රෝහිණී ද සිල්වා මැඩම් සහ රසායන විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය රමණි විජේසේකර මැඩම් අපට පූර්ණ සහයෝගය දක්වනවා. ඊට අමතරව Demo සර්ලා, මිස්ලා, සිව්වන වසරේ අයියලා අක්කලා, අපේ batch එකේ රසායන විද්‍යා අංශයේ සහෝදර සහෝදරියන්, ඔවුන්ගේ දෙමව්පියන්, ඒ වගේම විද්‍යා පීඨයේ සියළුම සහෝදර සහෝදරියන්ගේ සහයෝගය නොමසුරුව ලැබෙනවා. ඉතින් මම මෙය අවස්ථාවක් කරගන්නවා මතක් කළ සහ නම් වශයෙන් මතක් කරන්න බැරි වුණු හැමෝටම රසායන විද්‍යා සංගමය වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කරන්න.

ඒ වගේම Colombo Beacon එකටත් මම ස්තුති වන්ත වෙනවා අපේ මේ වැඩසටහනට මාධ්‍ය දායකත්වය ලබාදෙනවට.

අතිශය කාර්ය බහුල මොහොතක අප සමඟ කතාබහට එක්වූ වරුණ සංජය සොයුරාටත් ස්තුති වන්ත වෙමින්, මෙවර සහස් ’16 වැඩසටහන ඉතා සාර්ථක ලෙස නිම කිරීමට ඔවුන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවායි Colombo Beacon අපිත් ප්‍රාර්ථනා කරමු!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ජයනි විජේසිරිවර්ධන

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment