ආගමික නිසදැස්

සාමයේ කුමාරයෝ..

ගැයෙද්දී ගීතිකා සීනු හඬ රැවු දිදී…….
අවිය අත දරාගෙන නිදන ඇස් අවදි දී…….
නත්තලේ සීත රැය ඩියුටියට හිලව් දී……
සාමයේ කුමාරයො දෙවි මැදුරු දොර හිඳී……

දූ පුතුන් අවදියෙන් රෑ නිවෙස් වලට වී……
තෑගි ගෙන එන තුරා බලාගෙන ඉන්නැතී……
ඒ සිහින බොඳ උනත් හිතට දුක නැතුවැතී……
නත්තලේ ආසිරිය සදා ඔබ ලඟ ඇතී….

     නත්තල් නිවාඩුව තම පවුලේ අය සමඟ ගෙවන්න්ට නොහැකිමුත් , සුවහසක් දෙනාගේ සිත් සතන් තුල , බිය සැක තුරන් කළ ත්‍රිවිධ හමුදාවේ , පොලීසියේ , සිවිල් ආරක්ෂක බලකායේ සොයුරු සොයුරියන් සැමට

සුබ නත්තලක් වේවා……..!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment