නිසදැස්

සැනසුමයි සොදුරු…

දිනක විඩාව සංසිදින්නට 
පිලෙ පැදුරෙ අැලවෙලා..... 
සිතුවෙමුත් නැහැ ඉඩ ලැබෙන්නෙ 
මගෙ පුතුගෙ සුරතල් නිසා....

දරන් ඉන්නට හැකිය මට තව 
ඔබෙ කෙළිලොල් කවි සිනා.... 
සදා සොදුරුම පද පෙළකි මට 
නැත ගෙනෙන්නේ දුක් විඩා…..

නිබද උදයක් සපිරි ජීවය 
දාහයයි දහවල වගුරනා….. 
රැයෙහි මා පුතු උණුසුමයි මට 
නිවන්නෙ කදුලැල් සදා…..

අතේ වීරිය සිතේ දහිරිය 
තවම අැත මා සතු වෙලා….. 
නුඹෙ සෙනෙහස අැති පදම් මට 
ඔබට සුව ලොව තැනුමටා.....
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිලීමා ජයසිංහ

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment