පුද්ගලයෙකුට නාමයක් අවශ්‍ය වන්නේ අන් අයගෙන් සුවිශේෂී කොට හදුනා ගැනීමට හා සන්නිවේදනයේ පහසුවට ය.රටකට ද නමක් අවශ්‍ය වන්නේ ද ඒ සරල න්‍යාය හේතුවෙන් ම ය. .ඉතිහාසය තුල අපේ රටේ ද නාමය අවස්ථා කිහිපයක දී ම පරිණාමයට හා සoශෝධනයට භාජනය වූ අතර අපි ඒ පිලිබද ව මෙසේ කතා කරමු.
ඉතිහාසය යනු අතීත සිදුවීම් වල ගැලපීම් සහිත වාර්තාවන් සමූහයක දාමයකි.අපට ලිඛිත ඉතිහාසයක් මෙන් ම මිථ්‍යා මත හා කතා පුවත් මත පදනම් වූ ඉතිහාසයක් ද හිමිය.වසර දෙසීයක තුන්සීයක ලිඛිත ඉතිහාසය මහාවoශය දිග හරිද්දී, අපේ ඉතිහාස කතා වසර දහ දාහක් තිස් දාහක් ඉපැරණි රාවණා,මහ බලි,තරු හා මනු යන ශිෂ්ඨාචාර කතා දිග හරියි.ඒ තරමට දිග කතාවක් අපිට හිමිය.
මහාවoශයට අනුව ක්‍රිස්තු පූර්ව 483 වර්ෂයේ දී අපේ රට ට ඉන්දියාවේ සිට විජය කුමරු සම්ප්‍රාප්ත වේ.එකල අපේ රටේ නාග,දේව,රාක්ෂ්‍ය,යක්ෂ්‍ය යනුවෙන් ගෝත්‍රික හතරක් ජීවත් විය.හෙලයන් වාසය කල නිසා හෙලදිව යනුවෙන් ද, හෙලයන් ගෝත්‍රික හතරක් ජීවත් වූ නිසා ද සිව් හෙල වශයෙන් ද එකල අපේ රට හැදින්වුණි.පසුව එය සිව්හෙලේ හෙවත් සිoහලේ යනුවෙන් හදුන්වන්නට ඇතැයි සිතිය හැක.
හෙලදිවට විජය කුමරු සැපත් වීමෙන් අනතුරුව ඔහු යක්ෂ ගෝත්‍රික කුවේණී නැමති කාන්තාවක් සමග විවාහ පත් වේ.උතුරු ඉන්දියානු සම්භවයක් ඇති විජය රජු සිoහ නැමති ගෝත්‍රයකින් පැවත ආ රාජ කුමරෙකි.ඔහුගේ පියා සින්හභාහු (සින්හයෙක්ගේ මෙන් දෑත් සහිත)යනුවෙන් ද මව සින්හසීවලී යනුවෙන් ද හැදින්වූහ.ඔවුහු එකම පවුලේ සහෝදරයා හා සහෝදරිය විය.ඔහුන් දෙදෙනා සිoහයෙක්ට (සිව්පා සතෙක්/Lion) දාව සුප්පා දේවියට උපන්නෝ වෙති.සුප්පා දේවිය රාජ වoශික කාන්තාවකි.සිoහයෙක්ට දාව ලේ ඇති පිය උරුමයක් සහිත නිසා ඔහුහු සිoහ ගෝත්‍රිකයෝ වූහ.
නමුත් විජය රජු පසුව කුවේණී නෙරපා හැර ඇත.ඉන්පසු විජය රජුට දාව කුවේණීට උපන් දරු දෙන්නාගෙන් වැදි ජනයා බිහි වූ බවට මතයක් ඇත.එහෙත් සිව් හෙලයන් හා සිoහ ගෝත්‍රිකයන් අතර මතවාද, යුධ ගැටුම් පැන නැගුණු අතර ඒවා යම් තාක් දුරකට සමථයකට පත් වන්නේ අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ සමය අවසන් වන කාල වකවානුවේ ය .මෙතෙක් සිව් හෙල හෙවත් හෙල දිව යනුවෙන් හැදින්වූ අපේ රට ඉන්පසු සිoහලේ බවට නිරායාසයෙන් ම පත් වූ බව අනිත් මතයයි.
ඉන්පසු සිoහලේ පරිපාලන කටයුතු පහසු කරනු වස් රුහුණු රට,පිහිටි රට,මායා රට යනුවෙන් යනුවෙන් කොටස් තුනකට වෙන් කිරීමත් සමගම සිoහලේ නැමති අපේ රට තුන් සිoහලේ යනුවෙන් හැදින්වීම ආරම්භ විය .පිහිටි රටේ රට කරවන රජතුමන් වාසය කරනු ලැබීම හේතුවෙන් රජ රට යනුවෙන් හැදින්වූ අතර රුහුණු රට හා මායා රට පිහිටි රට රජතුමන් හට අවනත වූ හා නෑදෑ මිතුරු වූ ප්‍රාදේශිය රජවරුන් යටතේ පාලනය විය.
වසර 1505 දී ප්‍රුතුග්‍රීසී තුන්හෙල යේ වෙරලබඩ ප්‍රදේශ අත්පත් කරගනු ලැබුණි.එනම් රුහුණු හා මායා රට ය.ඉන්පසු පිලිවෙලින් ලන්දේසි හා ඉoග්‍රීසි තුන්හෙලේ ආක්‍රමණය කිරීමත් සමග රජ රටින් තුන් සිoහලේ ප්‍රධාන රජධානිය කන්ද උඩ රටට මාරු විය.ඒ කන්ද උඩරට කැලෑ හා කදු සහිත දුශ්කර ප්‍රදේශයක් නිසා සතුරු ආක්‍රමණ වලින් සිoහලේ රාජධානිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ය .

1805 මාර්තු 02 දින තුන්හෙලේ හෙවත් සිoහලේ මහා බ්‍රිතාන්‍යයයේ හෙවත් හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් විය.ඉන්පසු ඉoග්‍රීසි ජාතිකයෝ අපේ රට සිලෝන් යනුවෙන් හැදින්වූහ.
1948 පෙබරවාරි හතර දින සිලෝන් නම් වූ අපේ මව් බිම මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තා ය.බුරුමය වැනි රටවල් නිදහසින් පසු ස්වකීය ඉතිහාසගත පැරණි නම භාවිත කිරීම ආරම්භ කලත් අපේ රට සම්බන්ධයෙන් එය එසේ නොවුණි.1972 වසරේදී නව ව්‍යවස්ථා සoශෝධනයක් මගින් එතෙක් සිලෝන් යනුවෙන් හැදින්වූ අපේ රට ස්වකීය සිoහලේ යන ඉපැරණි නාමය වෙනුවට ශ්‍රී ලoකා ජනරජය බවට පත්වුණි.
“ශ්‍රී”යන්නෙහි තේරුම බබලන හෙවත් දිදුලන යන්නයි.අසල්වැසි ඉන්දියාව අපේ රට හැදින්වූ සුරතල් නාමය වූයේ අලoකාර ද්වීප ය.එහි මුල් අකුර වූ “අ” හා අග අකුර වූ “ර” ඉවත කොට ලoකාව ලෙස යොදාගත් බවට මතයක් පවතී.
කෙසේ වෙතත් හෙලදිව, සිව්හෙල,සිoහලේ,තුන් සිoහලේ,සිලෝන් යන විවිධ නම් වලින් ඉතිහාසය පුරා හැදින් වූ අපේ ප්‍රාණ සම මව් බිම දැන් හදුන්වන්නේ ශ්‍රී ලoකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස ය.
(පොත පත හා අන්තර්ජාලය ඇසුරිණි.සදොස් තැන් වෙතොත් නිදොස් කල හැකිය)
Leave a Comment