අවුරුදු උදාව
” ඔය රතිඤ්ඤා ටික තියාගන්න
තව නැකැත් තියනව පත්තු කරන්න “
නොනැගතය
” බඩගිනි උනොත් කන්න
අන්න කේක් ඇති මේසෙ උඩ ”
ලිපගිනි මෙලවීම
” කිරි වැටුනොත් සවුත්තු වෙනවා
ගෑස් ලිප
කිරිබතක් හදාගමු ඉක්මනට…”
ආහාර අනුභවය
” මටනං සීනි හොඳටම
කැවිලි එපා ඔයාලම කන්න”
ගණුදෙනු කිරීම
“කාසියයි මලයි ලිඳට දාන්න ඉක්මනට
මට ටැප් එකෙන් වතුර එකක් ගන්න..”
හිසතෙල් ගෑම
“අද විතරයි දවස
ගෙදරට වෙලා නිදහසේ ඉන්න තියන..”
නෑගම් යෑම
” හොඳටම මතකයි නේද
එයාලා අරං ආපු එක මේක නෙවෙයි කියන එක”
රැකී රක්ෂා සඳහා පිටත් වීම
“අවුරුදු ආව දැනුනෙවත් නෑ නේද…”
Leave a Comment