එකම අහස යට දෙතැනක ඉඳගෙන
තරු ගනිමු ද අපි එකම වෙලේ…
දකුණු කුරුසියෙන් මට මග කිව්වෙම
ඔබ දෙසටයි නිරන්තරේ…
අහසේ උන්නු ඔරායනුත් මට නුඹ නිති සිහි කෙරුවේ…
හැඩි දැඩි නුඹට ඔරායනුත් දෙවැනියි
මගෙ සිත් අහසේ…
ඔරායන්ගෙ ළඟම ඉඳන් බැබලෙන තරුව වෙලා සිරියස්…
මට මාවම මතක් කළේ
මා නොසිතූ විලසින්…
අහස වසා සිටියත් තව ලොකු දිලිසෙන තරු…
ඒ අතරින් මට ලස්සන ඔරායනුයි දඩයක්කරු…
Leave a Comment