ලාංකේය කලා ක්ෂේත්රය තුළ සිනහවේ උල්පත් ජනිත කළ මහා රංග පෞරුෂය ඉකුත් දා සිය ජීවන පියසැරිය නිමා කළේ ය.
නමින් බර්ටි ගුණතිලක වූ මේ රංගන පෞරුෂය 1924 අගෝස්තු මස 02 වැනි දා මහනුවර අම්පිටියේ දී උපත ලද්දේ ය. ගුරුවරයෙකු, පුවත්පත්, සෝදුපත් කියවන්නකු ලෙස සිය ජීවන ගමන තුළ විවිධ භූමිකා වලට පණ පෙවූ ඔහු අප කොයි කවුරුත් අතර වඩා ප්‍රචලිත වූයේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ය. වර්ෂ 1948 දී ඔහු “විනෝද සමය” ගුවන්විදුලි නාට්‍යයට ද සම්බන්ධ විය. “පෙම් මල් මාලා”, “පාලම යට”, “මන මෝහිනි”, “සොමි බෝයිස්”, “දෙවියනි සත්‍ය සුරකින්න” වැනි ජනප්‍රිය ගණයේ චිත්‍රපට රැසකට සහය රංගනයෙන් දායක වූවා පමණක්ම නොව, සිය රංගන කුසලතා නිසාම සම්මානයට ද පාත්‍ර විය.
කෙසේ වුව ද, විප්පයෝගය සියල්ලන්ටම පොදු ධර්මතාවක් වග යළිදු වාරයක් ස්ථිර කොට 2022 මාර්තු 06 වැනි දා සිය වසර 97 ක ජීවන ගමන අවසන් කළේ ය.
නුඹ යන්නම ගොසිනි. නමුදු නුඹ එක් කළ සිනා හඬ යුග යුග දහසක් දෙසවන් මත රැව් දෙනු ඇති.
රංගධරයාණනි, ඔබට සුබ ගමන්!
Images :
Leave a Comment