Colombo Beacon ආදරය නිසදැස්

සිරකරලනු බෑ සෙනෙහෙ හැඟුම් දිය

සරසවිය මැද ලියූ පෙම් කවි තවම මතකයෙ තියෙනවා 
කොළොම්පුර පිස හමන සුළඟේ ඔබේ සුවඳත් දැනෙනවා 
ඔබත් සමඟින් ගෙවූ කාලය මමත් රහසින්   විඳිනවා
නොකීවට මගෙ ගාව තවමත් එදා මතකය තියෙනවා 

හවස් වරුවල අතින් අල්ලන් හිතුමතේ අපි ගිය හැටී
තිසා වැව ළඟ මගේ හාදුව නුඹෙ නළල සිපගත් හැටී
සීගිරියෙ උඩ පහළ බලමින් මද සිනා නැංවූ හැටී
මොකක්දෝ පෙර පවක් හින්දා මම නුඹෙන් වෙන් වී  සිටී

දන්නවද මම මැරෙන තුරු ඒ මතක පණ මෙන් රකිනවා 
සමා වෙනවද අවසනදි මම ඔබට මෙලෙසින් කියනවා 
නාඬා කිසි දින ඉවසන්න ප්‍රිය, තවම මම පෙම් කරනවා
මතු භවේක දී වෙන් නොවී මම ඔබෙම වෙන්නට පතනවා

ප්‍රමෝද් භාෂිත මලින්ද 
දෙවන වසර
ශාස්ත්‍ර පීඨය 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

භාෂිත මලින්ද

ශාස්ත්‍ර පීඨය - ‌දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment