මුළු ඇගම වැහෙන්න
ඇදුම් අන්දලා
සීතල නැතිවෙන්න
තුරුළුත් කරන්
අතින් අතට
චූටී දූව
මාරුවෙන් මාරුවට
වඩාගෙන
පරිස්ස්මට නගින
අම්මෙකුයි තාත්තෙකුයි
අත් දෙකත්
පටලන් තදටම
අත අතාරින්නෙම නැතිව
හිනාවෙවී හිමිහිට
කලබලයක් නැතිව
කියව කියව යන
පෙම් යුවළක්
අඩියෙන් අඩියෙට
නැවති නැවති
කරටත් අත දාගෙන
පරිස්සමට හිමීට
කිය කිය
දරුවෙක් හම්බෙන්න ඉන්න
අම්මෙක්ව
එක්කන් යන
තාත්තෙක්
ජර්සියක්වත්
අදින්නේ නැතිව
සිව්රෙන් විතරක්
සීතලට පොරවගෙන
පිරිකරකුත්
අතකින් අරන්
හැමදාම වගේ
පුරුදු ශාන්ත ගමනින්ම
උඩට වඩින
පොඩි නමක්
නඩේ එවුන්ව
උඩදි හම්බවෙන්නම් කියලා
කලින්ම නඩෙන්
වෙන් වෙලා
පහළ ඉදලම
අදුනන්නෙවත් නැති
අත්තම්මා කෙනෙක්ව
වඩාගෙන යන
අයියලා
දෙන්නෙක්
හිනාවෙවී සද්දෙන්
කවිත් කියන ගමන්ම
පොඩි පොඩි
විහිලුත්
කරන ගමන්ම
පහළට බහින හැමෝටම
පල්ලෙහා කඩෙන්
ප්ලේන්ටීයක් ප්රාර්ථනා
කරන
තරගෙට උඩහටම
නගින්න යන
තරුණ යාළුවෝ
රෑනක්
සද්දෙන්ම
තුන්සරණ කියන ගමන්ම
හැමෝටම අශිර්වාද
කරගෙන
අග්ගලාත් කකා
හිමීට උඩහට
නගින
උපාසක අම්මලා
ගොඩක්
තඩි බෑග්
එකකුත් දාගෙන
අත් දෙකට
ගඩොල් කැට
බෑග් දෙකකුත්
අරන්
උඩහටම ගලුත්
අරන් යන
හමුදාවේ රණ
විරුවෙක්
අයින් අයින්
කිය කිය
කලබලෙන්
හදිස්සියෙන්
උඩට කමිසයක්වත්
නැතිව
උඩහ කඩේට
ගෑස් ටැංකිය
උස්සන් යන සීයා
කෙනෙක්
ඉතින් මේ උදුවප් පුර පෝ දිනයෙන් ආරම්භ වෙන අසිරිමත් සිරිපා සමයේදී
සිරිපා වන්දනා කරන්න
උඩහට යන මේ
හැම නඩේකටම
සම්මා සම්බුදු සරණයි!!
වැදලා බහින
හැම නඩේකටමත්
සුමන සමන් දෙවි පිහිටයි!!!
Leave a Comment