විශ්ව විද්‍යාලය විශේෂ දිනයන්

සිල්වා අංකල්.. ඔබට නිවන් සුව…

කොළඹ විශ්ව විද්‍යාලයේ science faculty එකේ අපිට මේ ගෙවෙන දවස් හරියට දැනෙන්නේ කල්පයක්  වගේ …වෙනදා නැති මොකක්දෝ අමුතු අන්ධකාරයක් මුලු කැම්පස් එක පුරාම පැතිර ගිහින්…සොදුරු හදවතක නික්ම යාමක්…දයාබර සිනහවක අහිමි වීමක්..දරා ගත  නොහැකි මහත් වූ වේදනාවක්  අතර හුදකලා වුනු අපි….
ඔව් …ඔහු යන්න ගිහින්..නොකියාම ඔහු යන්න ගිහින්…
අපේ සිල්වා අංකල්…ආදරේට අපි,ඔහු ඇමතුවේ  ඒ විදියට ..open එක ,  දවස් තුන්සිය හැට පහෙන් එකම එක දවසක් විතරක් වහන science facultyයේ අපේ කැන්ටිම….”සිල්වා අංකල්” ඒ නිහතමානී සොදුරු මිනිසා අපට මුණ ගැහෙන්නෙ open එකේදි..  කොහෙන් කොහොම ආවාද,ජාතියක් ,ජන්මයක් ඔය  කිසිවක් සිල්වා අංකල්ට අදාලම නැත. කැන්ටිමට එන ඕනෑම පුද්ගලයකු හා සැනින් කුලුපග වන්නට ඔහුට තිබූ හැකියාව  කැම්පස් එකේ කොල්ලො කෙල්ලො තරම් දන්නා වෙන කිසිවෙක් නැත. “අහ්හ් සිල්වා අංකල් ” ලෙසින් කැම්පස් එකේ කොල්ලන් සිල්වා අංකල් අමතන විට “අහ්හ් කොල්ලො ”  කියා පිළිවදන් දෙන්නට සිල්වා අංකල් කිසිවිටෙක පසුබට වන්නේ නැත. අව්‍යාජ වූ සිනහවක  වටිනාකම  කොතරම්ද යන්න පසක් කරලීමට ඔහු තරම් හොද නිර්ණායකයක් තවත් නොමැති තරම්ය ….කැම්පස් ඉතිහාසය ගැන  කතා කරන විට සිල්වා අංකල් නැතුවම බැරිය. ගැටවර සමයේ සිට ජීවිතයේ  සැදෑ සමය දක්වාම හිදිමින් සිල්වා අංකල්  කැම්පස් මායිම අත් හැරියේ ම නැත. සතර කොනින් ආපු කොල්ලො කෙල්ලො එකම පවුලක උන් වගේ ආතල් ගනිද්දී , open කැන්ටිම දෙවනත් කරන තරම් සද්දෙට  බජව්   දාද්දී, එකම බත් පතට මුලු  බැජ් එකේම එවුන් පොරකද්දී  එකම එක බත් අහුරක් අහුලා ගත්ත කොල්ලෙක් කෙල්ලෙක් ගත්ත fun එක සිල්ව අංකල් දුරින් ඉදගෙන විදින්න ඇති. කොල්ලො කෙල්ලොන්ගෙ රගේ දකිමින් සිල්වා අංකල් ජීවිතේ විදිද්දී  අංකල්ට  අංකල්ගෙ වයස ගැන වගේ වගක් නැති වෙන්න ඇති…කැම්පස් එකේ කොල්ලෙක්ගෙන් සිල්වා අංකල් ගැන ඇහුවොත්  “අහ් අංකල් අපේ fit එක කියන්න තරම් අපේ කොල්ලො අංකල්ට ලැදිය…මොකද අංකල්ගෙ නිර්ලෝභී  සිනහවෙ වටිනාකම නොදන්නා එකෙක් කැම්පස් ඉතිහාසයේ නැති නිසාවෙන්…..අවුරුදු ගානක් මහන්සි වෙලා  කැම්පස් එකේ කොල්ලො කෙල්ලො degree ගහද්දී   සිල්වා අංකල් “මනුස්සත්වයේ degree ය ඉහලින් පාස් උනා කිව්වොත් ……ඔව්… සැබවින්ම ඔහු මිනිසුන් අතර උතුම් මිනිසෙක්….
කෙසේ නමුදු එකී සුන්දර මිනිසා අපටත් නොකියාම අපට රහසින්  නොඑන මග  යන්නම ගිහින්…. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව පසක් කරමින් …සිල්වා අංකල් ඔබේ වියෝව..  දරා ගත නොහැකි වූ කැම්පස් එකේ කොල්ලො කෙල්ලො සෙට් එක ..එලියට පනින්න වෙර දරන කදුලු කැට උනුන්ගෙන් සගවාලන්න දරන්නාවූ වෑයම… අංකල් ඔබ දැක්කානම් ….තව ටිකක් කල් නවතින්න අපි එක්ක ආශා කරාවි…යන එකක් නැහැ මෙතරම්ම ඉක්මනට…..
පියෙකු අහිමිව
හඩන දරු මෙන්
Silva අංකල්
හඩනවා අපි
කොලබ සරසවි
ඔබේ දරුවන්
යලිදු සසරෙක
හමූඋනොත් ඔබ
යදිනවා අප
පියෙකු වන් ඔබෙ
දයාබරිත වූ
හදවතේ උණුසුම ……
සිල්වා අංකල්.. ඔබට නිවන් සුව…..
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රුවිනි ලක්හාරී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment