සාමාන්‍ය

සිහින දින පොත

සඳුදා

අදත් ඉස්කෝලේ යන්න පන් මල්ලත් කරේ දාගෙන හන්දියට ගෑටුවේ එයාව හම්බ වෙයි කියල හිතල නම් නෙමේ. නෑ… නෑ… නෑ… ඔයාලා හිතපු කෙනා නම් නෙමේ… එයා තමයි හන්දියේ මුරකාරයා සිරිල්. නෑ… නෑ… නෑ… ආයිත් ඔයාලා වැරදි ඒ හොඳට හැදුන තඩි බලු නාම්බෙක්… ඔන්න මූ කවදාවත් නැතුව මගේ පැත්ත හැරිලා ගොරවන්න ගත්තේ දැන්ම මෙතනින් දුවපන් මං මේ උබට උදව්වක් කරන්නෙ කියනවා වගේ… ඔන්න ඔතනදි තමා මා විසින් කරා වූ සියලු කුසල් අකුසල් ඵල දෙන්න ගත්තේ… මගේ බබා කෙටූ කෙනාව මං දැක්කේ ඒදා තමයි… දැක්කට මොකද එක පාරක් වත් හිනා වෙන්න උනේ නෑ සිසු සැරිය අවා එයා ගියා. වෙනදා යන බස් එකත් මිස් කරගෙන ඉන්න හැටි බූරුවා කියනවා වගෙ සිරිල් මගේ දිහා බලනවා… සිරිල් ට මූණ දෙන්න බැරි කමේ මං ශේප් එකේ ඊළඟට ආපු Private එකත් මිස් කරලා CTB එකේ නැග්ගේ එකේ කොන්දොස්තර මාමාගෙ ලේ ටික පිරිසිදු කරන්න කියල හිතාගෙන… 

අඟහරුවාදා

අද ටිකක් පරක්කු උනා හන්දියට යන්න… අපරාදේ කියන්න බෑ සීදේවි කෙල්ල ඒකි මටත් වඩා කම්මැලි ද කොහෙද අදත් පරක්කු වෙලා කියලා පියතුමා ආදරෙන් අමතනවා ඇහුනා… මොනා උනත් හොඳ මාමණ්ඩි කෙනෙක් නේද මට මේ ලැබෙන්නේ කියල හිතාගෙන බිම බලාගෙනම මං ටිකක් එහාට වහං උනේ අර වසවර්ති බලු නාම්බා සිරිල් අදත් මට කෝචොක් පාර දාන්න කලින්… සිකුරාදා බයෝ පන්ති… එයා යන්නෙත් මං යන පන්තියටමයි. එයාගේ නම ගම සියලු දෑ සොයලා දෙන වගකීම මං අසහාය පාපතර යාළුවට භාර දුන්නා… මං දන්නවා වැඩේට හරියනම පොර මූ තමා කියලා 

බදාදා

හැමදාම CTB එකේ කොන්දොස්තර මාමා මගේ මව් පාර්ශවය අමතන එකට අකමැති උන මං අද උදෙන්ම ස්කූල් බස් එකේ අවා… හම්මේ උදේ ගේට්ටුවෙන් ඇතුළට යන්න උනේ නෑ මගේ ඉෂ්ට දේවතාවා හම්බ උනා. 

“මොකෝ උනේ ඊයේ ” 

මං නොඉවසිල්ලෙන් ඇහුවා… මිනිහා වැඩේ තිතට කරලා… කොච්චර හොඳට කරලද කියනවනම් මට ආයෙ පන්ති යන බැරි වෙන්නම වැඩේ දීලා… මම මගේ යාළුවට ක්ෂාත්‍රීය සිංහලෙන් අමතල ස්තූති කතාව කරේ ගෑණු ළමයගෙ නම හොයන් එන්න කිව්වම, ඒ ළමයා පාරේ යනකොට මගේ නම කියල ඒ ළමයට විහිළු කරපු එකට උගේ සිය නෑදෑ පරපුරටම තුති පුදන්නයි… හැබැයි මිනිහ කරපු වැඩේ නරකමත් නෑ කියල මට පස්සේ හිතුනා… 

බ්‍රහස්පතින්දා 

නම නං දැන් හරි. නම දැනගත්තා කියල සේරම හරියන්නේ නෑ ගොනෝ, මගේ යටි හිත මටම කියනවා… දැන් හොයපං කෙල්ලට කොල්ලෙක් ඉන්නවද?, අයිය කෙනෙක් ඉන්නවද? තාත්තා කොහොම කෙනෙක්ද? එකී මේකී නොකී ප්‍රශ්න වැලැක් යටි හිත මට ඇප්ලයි කලා… අද ලෙඩ නිවාඩු දාලා ගෙදර නැවතුනේ ජැන්ඩියට ඇදලා කරල පන්ති යන්න… මොනා උනත් ඉගෙනීමට මුල් තැන් දුන්න කොල්ලෙක් මං… වාසනාව කියන්නේ පන්තිය ළඟ හෝල්ට් එකෙන් බහින කොටම වැහිදෙයියෝ මගේ දිහා බලලා ආශිර්වාද කරන්නා වගේ සැර වැස්සක් දුන්නා… වැඩේ හරි මගේ ළඟ කුඩෙත් නෑ දැන්. මේකිගෙ මූණ දිහා බලලා අහිංසක බැල්මට් එක දැම්ම නම් කුඩේ යටන් යතෑකි… තොට පිස්සුද ඇයි උඹේ දිහා බලපු ගමන් ලයින් වෙන්න උඹ හේමාල් ද? ආයිත් මගේ යටි හිත මට කොචොක් පාරක් දැම්මා… මොනා උනත් කතාව ඇත්ත ඔන්න ඔහේ නෝණ්ඩි  නොවී දුවනවා මං මටම කියාගෙන වැස්සේ තෙමීගෙන ම පන්තියට ගියා… 

සඳුදා 

ඔහොම කෙල්ල පස්සේ ගිහින් සති දෙකකට වැඩි කාලයක් ගියා… එයාටත් මං ගැන දෙයක් දැනිලා ඇති මං මටම කියාගෙන පොඩ් පහේ ගැම්මක් ගත්තා… හෙට තමා දවස, දෙකෙන් එකක් වෙච්චාවේ කියලා අහනවා කියල තීරණය කලා… ප්ලෑන් දෙක තුනක්ම ගහං හිටියේ වැඩේ වර්චස් උනොත් එහෙම ශේප් වෙන්න කියලා… අද හවස මට එයාගේ යළුවෙක් මීට් උනා… ඒකිගෙන් දෙයක් අහගන්නවට වඩා ලේසී ඉබ්බෙක්ගෙන් පිහාටුවක්  ඉල්ල ගන්න එක… 

අඟහරුවාදා 

පන්ති ඉවර වෙලා බස් එකට යන්න හන්දියට ගෑටුවේ මගේ අතිජාත සගයෙක් වෙච්ච පැතුමා එක්ක… මොනා උනත් ළඟ තව එකෙක් ඉන්න එක මාර හයියක් කියල හිතුනා… කෙල්ල යාළුවෝ එක්ක කියවන ගමන් මගේ දිහාත් සැරින් සෑරේ බලනව… එයා බස් එකකට නගිනකං මාත් බලං හිටියා… මගේ යාළුවා ඒ අස්සේ මට පට්ට ඇඩ්වයිස් ටිකක් දෙනවා ඌ පව්. මොකද ඌ මහන්සියෙන් කිව්වට අහන්න බල්ලෙක් වත් නෑනේ මොකද මං ඉන්නේ වෙනම මිෂන් එකක. හුටා මෙන්න මේකි හෝමාගම CTB එකකට නැග්ග පාදුක්ක එකක නගින්නේ නැතුව අහවල් එකටද මේකට නැග්ගේ… කමක් නෑ යනවා… පැතුමත් ඇදන්, යන බස් එකේ එල්ලුනේ කොන්දොස්තර මාමාගෙන් බැනුම් අහන්නේ එහෙම නැතුව… දැන් හෝමාගමට එනකන් මං එයා දිහ හොරෙන් බලනවා… එයා මං දිහා හොරෙන් බලනවා ඇති කියලා මං හිතනවා… හෝමාගමින් මගේ ගමන් සගයා මට සුභ පතලා මාරු උනා… 

ආයිත් පාදුක්ක බස් එකකට ගොඩ උනා… පාදුක්කට යනකං කලින් දර්ශන තලයම තමා… එයා මං දිහ බලනවා දැන් එයා වෙනුවට එයාගේ යාළුවා මං දිහා බලනවා… මටත් මොකෝ ඒක නැත්තන් මේක ලයින් වෙච්චාවේ කියල හිතුවේ මගේ පරම පිවිතුරු සත්‍ය පෙමට චපල වෙමිනුයි. පාදුක්කෙන් එයාගේ යාළුවෝ ටිකත් බැස්සා හැබැයි බැස්සේ මට හෙන පල් හිනාවක් පාන ගමන්… යකෝ රෙඩ් ඇලර්ට් එක්ක වගේ ගොයියෝ සායම හේදෙන්න කලින් බැහැපං මගේ යටි හිත මට ෆුල් ගැම්මක් දුන්නේ එහෙම. එයා දිහා නිකමට බැලුනා මෙන්න එයා මට කතා කරනවා ළඟට එන්න ලු… මගේ ඇඟම සීතල උනා බස් එකෙ පඩිය පේන මායිමේ බහිනවනං දැන්ම බැහැපං කියලා ඔලුවේ දෝංකාර දෙන්න ගත්තා. හීනේන් වගේ එයා ළඟට ගියා. ඔයාගේ යාළුවොයි මගේ යාළුවොයි කියන්නේ ඇත්තක්ද? එච්චරයි එයා ඇහුවේ. දැන් දීපන්කෝ උත්තර, යකෝ මේ ප්‍රශ්නෙට විචාරෙකින් එපැයි උත්තර දෙන්න.  ප්‍රතිපැනය යකාට ගියාවේ කියල මන් ඔව් කිව්වා. ආ ඇත්තද කියලා එයා හිනා උනා…

එච්චරයි මතක පස්සේ බලනකොට නළල පොඩ්ඩක් බිම වැදිලා විතරයි. හවස දෙකට විතර ඇඳ උඩ නිදා ගත්ත මම සිරියහනේ යටින් නැගිටින්න තරම් ඒ හීනය සුන්දර උනා වගේම දෙසා බාපු බත් පතත් හේතු උනා. කොහොමින් කොහොම හරි මේ කතා නායිකාව, ස්ක්‍රිප්ට් එකේ හැටියට නොවුනත් මට සැට් උනා…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විරාජ් ශානක

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment