අසිරි සිරි දැක බලා ගන්නනට තවත් නෙත පින් නැත ලබා
මාස දින ගැන ගැනන් උන්නේ සොඳුරු පැතුමන් සිත දරා
මනසේ ඇඳි ඒ නොදුටු ලෝකය ඔබම වේ යැයි සිත සිතා
ඇඟිලි ගැන්නත් පියමනින්නට දෑතේ ඇඟිලිත් මදි උනා
ඔවා ගුණ නැණ ජය ලබන්නට පමණටම කල් යල් බලා
දිසාපාමොක් කීවේ ඇයි හැඩ සරසවියේ සවනත පුරා
කීව රසබස් පැතුම් දුන්නෙමි නිසැක යන්නට නුඹ සොයා
වරම් ලැබුවත් දිනන්නට ලොව තවම සිටිනෙමි මඟ බලා
කවිඳු මුණසිංහ
පළමු වසර
තාක්ෂණ පීඨය
Leave a Comment