බිංදුවෙන් මා ඇරඹි ගමනේ කෙළවරක් නෑ පේනවා
පාර සරසවි ගාව මම දැන් පාර බල බල ඉන්නවා
කුඩා කල මා ඇසුව ලස්සන සරසවිය නෑ පේනවා
පුංචි තිරයක දෑස් දල්වා දැනුම සොය සොය ඇදෙනවා
පන්තියේ අපෙ ගුරුතුමා කී වචන සිහියට නැගෙනවා
සිහින ගමනේ සොඳුරු නැවතුම සරසවිය ඔහු කියනවා
සවන රැඳි ඒ සුන්දරත්වය තිරය මත නෑ පේනවා
තරුණ දිවියේ හොඳම කාලය තිරය අභියස ගෙවෙනවා
කවිඳු භාෂිත
පළමු වසර
තාක්ෂණ පීඨය
Leave a Comment