නිසදැස්

සුද්දි

මුලින් ම මං කල්පනා කළා ඒකි එක්ක පැනල යන්න .ඒත් පස්සේ මට කල්පනා වුණා පැනලා යන්න තරම් සම්බන්ධ කම් නෑ කියලා.පාරක් දෙපාරක් කිස් කළා කියලා බදින්න ඕනමද ?ඊට වඩා සම්බන්ධකම් තිබිලත් අගේට දෙපැත්තකට වෙලා ඉන්නේ මිනිස්සු.

ඒක නිසා මන් දැන් ඉන්නේ සුද්දි එක්ක. ඒකිට තේරෙනවා ඒ සම්බන්ධකම් වල හැටි. හරියට බැලුම් බෝලයක් වගේ. සුද්දි දන්නනවා ඕන වෙලාවක පිම්බෙන්න වගේම පිපිරෙන්නත්. ඒකිට මාත් එක්ක බුදියන්න උවමනාවකුත් නෑ. බුදියෑව කියලා අරුමෙකුත් නෑ. ඒකයි සම්බන්ධ කම.

අපි දාව ඉපදුන දරුවා තමයි “ජාන”.

ඕකට නම දුන්නෙත් මම ම තමයි. මහා වීරිය ට හැදිච්ච එකා. වීරියට හැදිච්ච එකා කිව්වේ සුද්දිගේ වීරිය තමයි ඕකව හැදුවේ.

මට මතකයි මට අමාරු වෙච්ච කාලේ. පොලු පාරට කකුල කැඩිලා ඇඳේ හිටපු කාලෙ. ඒක තමයි සුද්දිගෙ අමාරුම කාලෙ. “ජාන” බඩට ආපු කාලෙ. අතේ සතයක්වත් නැති කාලේ. ඇත්තටම අපිට ඕන වුනේ කීයක් හරි හොයන් දවස ගෙවන්න.
රෑට නොකා නොබී ඉන්න ඇති අනන්තවත්. කීයක් හරි ලැබුණු දාට ආප්ප හතරක් ගෙනත් වැඩි සීනි ප්ලේන්ටියක් එක්ක පොගෝගෙන කාපු දවස් අනන්තවත්.

කරන්නම බැරිම තැන සුද්දි යන්න ගත්තා ආයෙත් රෑ වැඩට. මාසෙ අමාරුම දවස් දෙක තුනෙත් ඒකි එහෙම බුදියන්න ඇති. ඒ සුද්දිගෙ අවනම්බු ගැන දෙයක් නෙමේ. නම්බුව ගැන කතාවක්.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කලණ දම්සර

ශාස්ත්‍ර පීඨය- අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment