මදක් නැවතී
හැරී බැලුයෙමි
ගෙවුණු මොහොත දෙස
මදක්…
ලෝ දනන් වෙත හුදෙක්…
වර්ණවත් වර්තමානයක
කළු සුදු අතීතයට
එක්ව පැවතුණි
මහ ගොඩක්..
මතකයන් රූ පෙළක්…
හැරී බැලුවෙමි
එකී ක්ෂණයෙම
උදාවෙන නව
දිනත්…
නොවිය එහි මහ දෙයක්…
සුබ පැතුම්
පණිවුඩ මතින්
පෙර වසරෙ මෙන්
විය එයත්…
නැතිව පොඩි වෙනසක්…
බිඳුණු සිත් පොඩි
එකක් හෝ යළි
නොවී පිළිසරණක්…
ගෙවුණි හෝරා කිහිපයක්ම තව
වෙමින් සැණකෙළියක්…
උඳුවප් සීතලේ
තිස් එක්වන දින
මධ්‍යම රාත්‍රී
දොළහේ කණිසමට
Leave a Comment