දුටුවා මම සුමානයක්
වෙනස් නොවන එකම රුවක්
සුරලොව සිට සතුටු සිතින්
වට කරගෙන සුර අඟනන්
තත් ගලපයි වයලීනෙන්
සුරත නුහුුරු වමත් අතින්
මනුලොව සිට දෙව්ලොව වෙත
යන්නට ආසයි හනිකට
කියනවාද ඉන්නා තැන
හනිකට එන්නම් එලොවට
ගලපන්නට පෙම් තනුවක්
සුරත නුහුරු වමත් අතින්
මනුලොව දැන් දරුණු වෙලා
ඉන්නට බෑ මිතුරු වෙලා
යන්න එපා රෑ හීනෙන්
පිබිදුණු විට තරහ වෙලා
ආදරයෙන් ගී කියන්න
පුරුදු වෙලා තනු වයන්න
හනිකට එන්නම් සිහිනෙට
රැගෙන ඔබේ වයලීනය
සුරත නුහුරු වමත් අතින්…
Leave a Comment