එය දුම්රියේ මඟීන් අඩු, ආසන ගණනට පමණක් මඟීන් සිටි නිදහස් දවසකි. වෙනදාට චිරි චිරියේ තද වී සෙනඟ අතරේ අමාරුවෙන් රුහුණු කුමාරි දුම්රියෙන් මා ගාල්ල බලා පැමිණෙන්නේ අධික තෙහෙට්ටුවකිනි. නමුත් අද දවස එසේ නොවීය. පෙරදා මෙන් සෙනඟ නැති බැවින් මා වීදුරුව අසල අසුනකින් අසුන්ගෙන දිග සුසුමක් හෙළුවේය.
පුරුදු පරිදි ජංගම දුරකථනයේ ගීතයක් දමා හෙඩ්ෆෝන් කනේ ගසාගත් මම මනෝ ලෝකේ සැරිසරමින් සිටියේය. මා ඉදිරිපස අසුන තවමත් හිස්ය. වේදිකාවෙන් ඇසුණේ “රුහුණු කුමාරි දුම්රිය තව ස්වල්ප වේලාවකින් මාතර බලා පිටත්වීමට නියමිතය..එය නවතනුයේ..” කියාය.
කඩිමුඩියේ දිවගෙන ආ රූමත් යුවතියක් කලබලයෙන් යුතුව මා ඉදිරිපස අසුනෙන් ඉඳගත්තේය. ඇය සතුව විශාල ගමන් මල්ලක් විය. ඇයට එය දුම්රියේ ගමන්මළු තියන තැන තැබීමට නොහැකි බැවින් මම ඒ සඳහා ඇයට උදව් කළේය. ඇය රූමත්ය. ඇයගේ දිගු කොණ්ඩය වඩා විවිධාකාරයේ අලංකාර මල් වැල් ඔතා තිබුණි. අත්වල අඳින ලද කුංකුම ඇය තවත් ලස්සන කරන්නේය. අත් දෙකෙහි වර්ණවත් වළලුය. නළල මැද පුංචියට තබා ඇති තිලකනයෙන් සහ අනිකුත් ලක්ෂණ වලින් ඇය දමිළ යුවතියක් බව මම අනුමාන කරේය.
ඇය මා ඉදිරිපස අසුනේ වීදුරුව අසලට වී මහත් උනන්දුවෙන් යුතුව එළිය බලාගෙන සිටියේය. හූ හඬ මැදින් දුම්රිය ගමන් ආරම්භ කරේය. පුදුමයකි අසුන් දෙකට වෙනත් කිසිදු මඟියෙකු නොපැමිණයේය. ඒ තරමටම දුම්රිය නිහඬය නිස්කලංකය මඟීන් රහිතය.
මා ගීතයක් රස විඳින අතරතුරේ ඇගේ සුකුමාල ගතිපැවතුම් නිරීක්ෂණයේ යෙදෙන්නට විය. අවස්ථාවට සරිලන පරිද්දෙන්ම එවිට මට ඇසෙන්නට ලැබුණේ කපුගේ මහතාගේ “මං මුලාවී පාර අසාගෙන කතරක් අතරින් යන ගමනේ..” ගීතයයි.
ඇය මා දෙස බලා සිහින් සිනාවක් හෙළුවේය. ඇය සමඟ වචනයක් හෝ කතා කිරීමට මට සිතුණි. දුරකථනය සාක්කුව තුළට දමාගත් මම ගීත ඇසීම පසෙකලා ඇයගේ තොරතුරු දැනගැනීම පිණිස සූදානම් විය. කෙසේ පටන්ගන්නද මට සිතාගත නොහැක.
“කොහේටද යන්නේ?” මම ඇයගෙන් ඇසුවේය.
ඈ මා දෙස බලා සිනාසුණේය. නමුදු එක් වචනයක්වත් ඇයගේ මුවින් පිට නොවීය.
මම නැවත ඇය දෙසට හැරුණි. “කොහේටද යන්නේ?”
ඇය සිනහ විය. “සිංහල ඉල්ලේ” යනුවෙන් ඇයගේ මුවින් පිටවිය. මාගේ නිරීක්ෂණය නිවැරදිය. ඉතින් කෙසේ විස්තර දැනගන්නද ඇයට සිංහල කතා කිරීමට නොහැකිය.
දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. දෙපැත්තට පැද්දෙන ඇය දෙස මා නොඉවසිල්ලෙන් බලා සිටියේය.
ඇයගේ අත තිබූ ගමන් මල්ලකට අත දැමූ ඇ යමක් සොයන්නට විය. කොලයක ඔතා තිබූ යම්කිස් දෙයක් ඇය පිටතට ගත්තේය. උකුල මත තබා එය දිගඇරී ඇය එහි තිබූ රොටියක් මා අතට දුන්නේය.
“ඉස්තූතියි.”
එයින් කෑල්ලක් කඩා කටේ දමාගත් මම “මේවා මාර රසයි” කියා ඇයට කිව්වේය. ඇය සිනහවිය.
“ඉස්තූතියි” යනුවෙන් ඇයගේ මුවින් පිටවිය.
“ඉස්සෙල්ලා කිව්වේ එතකොට සිංහල බෑ කියලා.”
“ආ.. ඒ විහිලුවට කිව්වේ.”
“හරි විහිලුව, මං හිතුවා සිංහල වචනයක්වත් බැරුව ඇති කියලා. මම නුවන්, ඔයා?”
“මම සෙල්වී”
“ඔයා මොකද කරන්නේ?”
මම ඇය සමඟ දිගු වේලාවක් තොරතුරු හුවමාරු කරගත්තේය. ඇය කතා කරන විලාසය අහන් ඉන්නට ප්‍රිය ජනකය. වචන උච්චාරණය අසා සිටීමට ආස හිතෙයි. මා ඇය සමඟ කුළුපඟ වන විට කාලය ගෙවීගියේ මටත් නොදැනීමය. ඇයගේ පළමු දැක්මත් සමඟම සිත තුළින් යම්කිසි දෙයක් ඇයට පැවසීමට නොහැකිව කකියන්නට විය. එය කුමක්දැයි සිතාගැනීමට මටවත් නොහැකි විය.
“ඔයා මේ කොහෙද යන්නේ බරටම බෑග් වගේකුත් එල්ලගෙන.”
“ඒක දිග කතාවක්. ඒ දවස්වල අපි හිටි ගමේ යුද්ධේ තිබුණා. කොටි ඇවිත් මගේ මල්ලිව යුද්ධෙට අරන් ගියා. අදටත් මල්ලිට මොකද වුණේ කියලා මං දන්නේ නෑ. දවසක් මහ රෑ දොළහට විතර අපේ ගමට කොටි ගැහුවා. හැමෝම කෑ ගගහා හැම තැනම දුවන්න ගත්තා. කොටි ඇවිත් මගේ අම්මයි අප්පයි දෙන්නවම අල්ලගත්තා. මට අප්පා කිව්වේ දවුන්න කියලා මං දුවලා එදා රෑ එළිවෙනකොට සිංහල මිනිස්සු ඉන්න ගමකට ඇවිත් හමුදාවට භාරවුණා. එදායින් පස්සේ මං අප්පවයි අම්මවයි කවදාවත් දැකලා නෑ.”

ඇය කඳුළු සලන්නට විය. ඇයගේ මුවින් පිටවන වදන් සමඟින් ඇයගේ දෙඇසින් එළියට රූරා වැටෙන කඳුළු ඇයගේ දෙකොපුල් තෙත් කරන්නට විය. ඇත්තෙන්ම එය අසා සිටි මටද කඳුලක් ඉනුවේ මටත් නොදැනිමය. ඇය බෑගයෙන් එළියට ගත් පින්තූර කැබැල්ලක් මට දිගුකලේය.
“මේ ඉන්නේ මගේ අම්මයි අප්පයි මල්ලියි. මට දැන් ඉතිරි මෙච්චරයි. එදා හමුදාවට භාරවුනාට පස්සේ එයාලා මාව හොස්ටල් එකකට දුන්නා. මෙච්චරකල් මං එතන හැදුනා වැඩුනා. මට අම්මගෙයි අප්පගෙයි අඩුව පුරවන්න හිටියේ එතන අපිව බලාගන්න හිටිය සිස්ටර් කෙනෙක් විතරයි.”
ඇයගේ කඳුළු පිරුණු දෙනෙත දෙස මද වේලාවක් මා බලා සිටියේය. දෙදෙනාම මිනිත්තු කිහිපයක නිහැඬියාවකට ගිලුණේය. මගේ දෑස් ඇයගේ දෙනෙත් වලින් ඉවතට ගැනීමට මට නොහැකිවිය. ඒ තරමටම ඇය රූමත්ය ඇයද මාගේ දෙනෙත් දෙස බලා සිටියේය. මිනිත්තු කිහිපයක් අපි එකිනෙකාට දෙනෙත් වලින් කතා කළේය.
ඇයගේ දෙනෙත්වල සටහන් වූයේ ලෙන්ගතු ආදර අහිංසක රූපයකි. ඇය මුවින් නොකීවත් දෙනෙතින් යමක් කියන්නට විය. එය ඇත්තෙන්ම කුමක්ද. මා මගෙන්ම ප්‍රශ්ණ කරන්නයට විය. ඇය පිළිබඳ අහිංසක ආදරයක් මා සිත තුළද දළුලමින් තිබුණි. නමුත් මම එය ඇයට නොකියා සිටියේ ඇය මට හමුවූ පළමු දිනය මෙය බැවින්ය.
මා එකවරම නිහැඬියාව බිඳිමින්, “දැන් ඔයා මේ කොහෙද යන්නේ?”
“මං මාතර දෙවිනුවර යනවා අම්මයි මල්ලියි වෙනුවෙන් භාරයන් ඔප්පු කරන්න. මෙච්චරකල් ඒක කරන්න හිතේ තියන් හිටියත් මට ඒ දේ කරගන්න බැරිවුණා. අද තමයි ඒකට අවස්ථාවක් හම්බවුණේ.”
ඇය සමඟ භාරය ඔප්පු කරන්නට යෑමට මටද සිත්දෙන්නට විය. නමුත් මා එය කෙසේ ඇයගෙන් අසන්නද? ගොලු හදවතින් යුක්තව මා ඇය දෙසම බලා සිටින්නට විය. එකවරම හූ හඬක් සමඟ ඇසුණු ශබ්දයෙන් මාගේ සිතුවිලි බිඳ දැමුවේය.
“මේ ඔබ ළඟාවූයේ ගාල්ල දුම්රිය ස්ථානයටයි…”
ඇය හැරයාමට වෙලාව පැමිණ ඇත. නමුත් හිත තුළ ඇයව හැරයාමට කිසිදු ආසාවක් නොවීය. මං ඇයව පසුව කෙසේ හෝ හමුවෙනවා, මං දැඩිසේ අධිෂ්ඨාන කරගත්තේය.
“මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද?”
“මට ෆෝන් එකක් නෑ. මං දැන් ඉන්නේ යාපනේ හොස්ටල් එකක. යාපනේ ආපු වෙලාවක මාව බලලා යන්න එන්න”
යැයි පවසමින් ඇය බෑගයෙන් කොලයක් සහ පෑනක් ගෙන එහි ලිපිනය ලියා එය මා අත තැබුවේය. මට නොදැනීම මා ඇයගේ අත අල්ලාගත්තේය. ඇය ලැජ්ජාශීලි සිනහවකින් මා දෙස බැලුවේය. ඒ සියුමැලි අත අත්හැර යාමට මට කිසිසේ සිත් නොදෙන්නට විය. ඒත් මට ඇය සමඟ සිටීමට මෙය කාලය නොවීය. ඒ සඳහා කාලය හරස් විය.
ඇයගේ අත අතහැර මා දුම්රියෙන් එළියට පැමිණියේය. වේදිකාවේ ඇය සිටි කවුළුව ළඟට ගිය මම ඇය දෙස නැවතත් බැලුවෙමි. පසුම්බියෙන් එලියට ගත් මාගේ දුරකතන අංකය ඇය අත තැබුවේය.
“එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න” ඒ වදන් මා මුවින් පිටවූයේ මටත් නොදැනීමය.
“එන්නනම් බෑ කවදහරි ආයෙ හම්බවෙයි කියලා හිතන්නම්.”
හූ හඬ නඟමින් දුම්රිය ගමන් ආරම්භ කලේය. මා ඇයගේ අතින් අල්ලාගෙන දුම්රියත් සමඟ වේදිකාව දිගේ ඇවිදින්නට විය. දුම්රිය වේගවත් විය. මට ඇයගේ අත අත්හැරීමට සිදුවිය. කවුළුවෙන් එළියට මුහුන දැමූ ඇය අත දිගු කරමින් මට අත වැනුවේය. දුම්රිය ඈත කොනේ නොපනී යනකන්ම ඇයද මාද එකිනෙකට බලා සිටියේය.
“හැරයන්න නොසිතුවත් මම
දිනක යළි හමුවේවි
පෙම් වදන් මුමුණන්න
ඔය ඇස් එක්ක කතාකරන්න
දින ගනිමි ඒ දිනට
යළි ඔබව හමුවන්න”
Leave a Comment