සාමාන්‍ය

හදවත ද මොළය ද

මිනිස්සූ න් ට ජිවිතේ මුණ ගැහෙන්නේ එසේ මෙසේ ප්‍රශ්න නෙවෙයි .හැබැයි අපිට ජිවිතේ මුණ ගැහෙන ප්‍රශ්න වලට කරන්න තියෙන ලේසීම වැඩේ ඒකට මූණ දෙන එක..ඒම නැත්නම් වෙන්නේ ජිවිතේ පරාජිතයෙක් වගේ ප්‍රශ්නෙන් පැනලා යන්න..කිසිම කෙනෙක් පරාජිතයෙක් වෙන්න අකමැති නිසා අපි වඩා ධනාත්මක පැත්ත ගැන හිතමු.
ප්‍රශ්න යක් දැනුන ගමන් අපි උත්සාහ කරන්නේ ඒක විසඳන්න ,අපිට ඒකට සොබාදහමෙන්ම ටූල් දෙකක් දීලා තියනවා ..මොළය සහ හදවත මොළයෙන් logical වීමත් හදවතෙන් Emotional වීමත් සිදු කරනවා අපි දැන් කතා කරන්නේ කලින් කියපු ප්‍රශ්න ය විසඳන්න භාවිතා කරන්න ඕන මොන ටූල් එකද කියලා .මං කාලෙකට කලින් මගේ මිත්‍රයෙක් ගෙන් ඇහුවා “ලොජිකල් වෙන එකද?? ඉමෝෂනල් වෙන එකද හොඳ ප්‍රශ්නෙක දී”එයා මට කීවේ ඒක අවස්ථාව අනුව තීරණය වෙනවා කියලා ..ඒත් ඒක අසම්පූර්ණ නිසා මම ඒ ගැන තනියම හිතුවා..
මුලින්ම හිතමු මොළය පාවිච්චි කීරීම එහෙමත් නැත්නම් ලොජිකල් වීම ගැන..මෙතනදී ප්‍රශ්න ගැන අපි තාර්කීකව හිතනවා ,මත ගොඩනගනවා,අනාගතය ගැන අනාවැකි හිතනවා,සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා,උදාහරණයකට අපි හිතපු ආදර සම්බන්ධතා ව ගැන ප්‍රශ්නයක් කියලා (ගොඩක් අයගේ සුලබ ප්‍රශ්න ය නිසා)මෙතන දී ඔයා ලොජිකල් උනාම මාරම දේවල් හිතන්නේ කොටින්ම කීවොත් අපි සමහර වෙලාවට තියෙන ප්‍රශ්නය නැතුව තව අලුත් ප්‍රශ්න යකට මුලපිරීමකුත් වෙන්න පුලුවන් ..අනික් කාරණය තමා ලොජිකල් වෙලා උත්තර හොයනකොට සැහෙන වෙලාවක් ගත වෙනවා සැහෙන කාලයක් ගත වෙනවා..ඒත් ඔයා මෙතනදී මත තර්ක ගොඩනගලා හොයාගන්න උත්තර ය නිවැරදි උත්තරය ම නොවෙන්නත් පුලුවන්.හැබැයි අපි මේකට අවධානය දෙන මුලූ කාලයම මාරම ස්ට්‍රේස් ෆූල් . දැන් අවධානය යොමු කරමු “ඉමෝෂනල් “වෙන එක ගැන ,මෙතැනදී මීටර් කෝදු ,මිමි මොකුත් නැතුව හිතෙන දේ කියනවා ,කරනවා ,සමහර වෙලාවට ඔයා සැහෙන වෙලාවක් නොගෙන ඉතා ඉක්මනින්ම තීරණයක් ගන්න පුලුවන් .මෙතනදී ත් ඔයා වරදින්න පුලුවන් ඒත් ඔයා අමතක කරන්න එපා ඔයා ඒ තීරණය ගත්තේ සතුටෙන් කියලා.අනිත් එක ඔයා මෙතන තීරණය ගත්තම හිතට පුදුම නිදහසක් දැනෙනවා ,මොකද ලොජිකල් හැමදේම සතුටක් දෙන්නේ නැති නිසා.
සයන්ස්ටිෆික් පැත්තෙන් හිතුවොත් මෙතන හදවත කියන්නේ mind එක..හරියට ම කීවොත් inner mind එක ,එයා හැමවෙලාවෙම උත්සාහ කරන්නේ සතුටෙන් ඉන්න(අපි හැමෝගෙම inner mind එක හැදීලා තියෙන්නේ අපි ඇත්තටම කැමැති දේ ඉටු කරන්න) ඒ නිසා මයින්ඩ් එක පාවිච්චි කරාම මොනා නැතත් ඔයා සතුටෙන් නම් ඉන්නවා මොකද ඔයා කරලා තියෙන්නේ ඔයා කැමැතිම දේ නිසා.
මම මේ තියරි එක පාවිච්චි කරන්න කැමැති සහ හොඳම තැන තමා ආදරය ට..මොකද ලංකාවේ ගොඩක් අය ඉඩ දෙන්නේ හදවත ට නෙවෙයි ..එක්කො අම්මාගේ කැමැත්ත ට,නැත්නම් ගැළපෙන කුලයට ඒමත් නැත්නම් කේන්දරේ ට..මේවා කොච්චර ගැළපෙන ව ද නැද්ද කියලා ඔබම තීරණය කරන්න.(මොකද කේන්දරේ බලපු මාමා ඔබ කසාද බැන්දම ඔබ එක්ක එකට ඉන්න නොඑන නිසා )
ලෝ ප්‍රකට ඇපල් නිර්මාතෘ “ස්ටීව් ජොබ්ස් “නිතරම ඉතා අවදානම් පියවරවල් ව්‍යාපාරය තුළ ගත් අයෙක් ඒ ඔහු තාර්කීක බවට වඩා ඔහුගේ හදවත විශ්වාස කළ නිසා..ඔහුගේ වචන වලින්ම කීවොත් “අවදානමක් ගැනිම මගේ වැඩක්”ඔහු එයින් අදහස් කරෙ එය ඔහුගේ ආධ්‍යාත්මිකත්වයෙන්ම පැන නගින්නක් බවට එමෙන්ම ඔහු නිතරම පැවසූ දේ “යථාර්තයට අභියෝග කීරීම සහ විශ්වය කළඹන නිර්මාණ කිරීමට “නම් හදවත පාවිච්චි කළයුතුමයි.
නිතරම මොළය පාවිච්චි කිරීම සාර්ථක නොවනවා වගේම නිතරම හදවත පාවිච්චි කිරීමත් නිවැරදි නෑ.නමුත් ඔබේ බලාපොරොත්තු ව සතුටෙන් ඔබ ඔබම වීමට නම් කාර්යබහුලත්වයෙන් මඳකට ඉවත් ව හදවතට ඇහුම්කන් දෙන්න..එය සාක්කූව පිරෙනවාට වඩා සිත සතුටෙන් පුරවා දමන්නක් වනවා නොඅනුමානයි.

H.T.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිර්ණාමික

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment