පුන් සඳ කිරණ නැහැවී ගලනා පෙම්මා
රුදු ගිරි පවා සෙනෙහස් සුවඳට නම්මා
මුදු කරුණා ගුණ බිඳු නොපෙනෙන නිම්මා
හද පුදසුනේ පිවිතුරු කුසුමයි අම්මා
පැතුම් මල් පූදින්න පිරිත් පැන් ඉස හෙලූ
කටු නොපෑගී යන්න හෙටට පාවඩ තැනූ
රන් පවුරු බැඳ රැකවරණ නිබඳව සැදු
කිවිඳියයි ඇය ජීවිතේ කවියෙ පද ලියූ
නෙත් අවරට ගිය ද දරු පෙම විකසිතය
කය වැහැරුණ ද ළය ඇත මුදු තෙතමනය
සිත් පතුළින්ම නැගි සොම්නස අපමණය
ලොව්තුරු සුව ගෙනෙන පින් කේත අම්මාය
Leave a Comment