හන්තානකට හිත ඇදිලා ගිය කලට
රන්වන් හීන මැව්වා වී ගෙයි පිලට
යන්නට නොහැකිමුත් සරසවියක් තුළට
මන් තාමත් බඹරෙකි කැම්පස් මලට
නංගියෙ නුඹේ කුස පිරුමට හීන තියා
වංගුවෙ තියන ගල් කොරියට ආවා ගියා
මං ඉමි තාම සරසවියට දෑස අයා
යං අපි දෙන්නා දවසක හන්තාන සොයා
දිලිනි නිරූපමා ලෙනගල
පළමු වසර
විද්‍යා පීඨය
Leave a Comment