පෙරුම් පිරුවෙද බොහො කල් නුඹ
මා දකින්නට නුඹේ නෙතු ළග
සුසුම්ලන නුඹේ සෑම සුසුමක
උණුසුමේ මා තබාගන්නට
දකින හැම සිහිනයක කෙලවර
ඉඩක් මා හට ඉතිරිකරගෙන
නුබසිටිය බව මා නොදන්නෙමි…
බොහෝ දුක් වේදනා නුබ විද
මා දුටුව ඒ සොදුරු මොහොතේ
හැඩුවා මා නුබේ තුරුලේ වෙලෙමින්
හිනැහුනා නුබ එදෙස බලමින්
යලිත් නුබ නම් හිනැනුනේ නෑ
මා අඩන කල නුබේ පාමුල
යලිත් කදුලක් නොම වැටෙන්නට
ඉඩතබා නුබ සිටියා මා ලග…..
හෙමින් සීරුවේ පාද ඔසවා
නුබම සොයනා විටදි එදවස
සැගවෙලා නුබ හොරෙන් සිටියලු
වැටි වැටි නුබ ලගට එන බව දැන
නමුදු මේ මහ විසල් ලොකේ
යලිත් කිසිදින මට වැටෙන්නට
ඉඩක් නොතියපු එකම වස්තුව
ඔබම කිවොත් නිවැරදි එය……..
නුබද මා හා එකම සිහිනෙක
නිමක් නැති මහ තෙරක තනියම
ඉමක් සොයමින් හබා යන කල
රුවල වී නුබ මගක් තනමින්
සවිය වුවා සෑමවිටදිම
නුබේ තුරුලේ උණුහුමේ සිට
නුබේ දෑතින් ගිලිහිලා මා
සොයා ආවේ…
නුබත් මමත් දුටුව ඒ
එකම සිහිනය
පසක් කරනු රිසියෙන් වුව…
නුබද මා අද දෙතැනකම තනිවී
සොයයි මම තවමත් නුඹ……
නුබයි ඇය ..
අම්මා…
Leave a Comment