Interview

හරසර 2015

Written by Colombo Beacon
මේ දිනවල විද්‍යා පීඨ පුස්තකාල හා පරිඝණක සමාජය මගින් සංවිධානය කරන “හරසර 2015” පිළිබඳව විස්තර දැනගැනීමට අපි සංවිධායක මඩුල්ල නියෝජනය කරමින් පුස්තකාල සමාජයේ සභාපති හර්ෂ කළුආරච්චි සොයුරා, චතුන්ක තෙන්නකෝන් සොයුරා සහ හසාංජලී ඉද්දමල්ගොඩ සොයුරිය Colombo Beacon  සමඟ සම්බන්ධ කරගත්තා.

Q1:පුස්තකාල හා පරිඝණක සමාජය හරහා විශ්ව විද්‍යාල සිසුන්ට සිදුවන සේවය හා මෙහි ඉතිහාසය කොයි වගේද?

කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යාපීඨ පුස්තකාල හා පරිඝණක සමාජය  1998 වසරේ ශිෂ්‍ය සංගමයේ සභාපති මාරසිංහ සොයුරාගේ අදහසක් අනුව තමා ආරම්භ වුණේ.පළමුව පරිඝණක සමාජය පමණයි මෙහි ආරම්භ කලේ.මෙහි ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අදාල පරිඝණක අවශ්‍යතා සඳහා පහසුකම් ලබා දීම.එවකට හිටපු උපකුලපතිතුමන් වන සමරනායක මහතා මේ අවශ්‍යතාවය පිළිබඳ තේරුම් අරන් ඒ සඳහා අනුමැතිය ලබා දීලා මේ සඳහා සහය ලබා දීලා තියෙනවා.පසුව මේ සමාජය පුස්තකාල සමාජයක් ආරම්භ කරමින් සේවාව පුළුල් කරා.

Q2:පුස්තකාල හා පරිඝණක සමාජය පවත්වනු ලබන “හරසර” ගැන අපිට කෙටි සඳහනක් කලොත්?

ඇත්තටම මේ සමාජයේ තියෙන විශේෂත්වය මේක ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් තමා පාලනය වෙන්නෙ.ඉතින් අපි මේ සමාජය බාරගන්න  කලින් හිටපු අයියලා අක්කලා මෙහි ඉදිරි ගමන් මඟ සඳහා දුන් සහය ඇගයීමට ලක් කිරීමක් හා ඔවුන්ට කෘතවේදිත්වය පළකිරීම තමා “හරසර” තුළින් කරන්නෙ.

Q3:හරසර උත්සවය මෙවර පවත්වන්නේ කී වැනි වතාවටද?

නොකඩවා දා හත් වැනි වතාවට තමා මෙවර හරසර දිග හැරෙන්නේ. පහුගිය අවුරුදු වල උත්සවය පැවැත්වූ ආකාරය හා මේ අවුරුද්දේ විශේෂයෙන් කරන්න හිතාගෙන ඉන්න දේ? සාමාන්‍යයෙන් පෙර අවුරුදු වලත් මේ අවුරුද්දෙදිත් හරසර සංවිධානය කිරීමේ මූලික ක්‍රියාමාර්ග එකම විදිහට තමා සිදු වෙන්නෙ.උත්සවයේ මුලිකව එහි අංගයන් සිදුවිය යුතු ආකාරය තීරණය කරන්නේ මෙහි සංවිධායක මඩුල්ල.ඔවුන් සාකච්ඡා කරාට පස්සෙ මේක යථාර්තයක් බවට පත් කරන්න මූලික වෙන්නෙ හා වෙහෙස වෙන්නෙ දෙවන වසර සාමාජික නංගිලා මල්ලිලා හා පළමු වසර සාමාජික නංගිලා මල්ලිලා.

Q4:මේ සඳහා මුදල් සම්පාදනය කර ගත් ආකාරය ගැන කිව්වොත් අයියේ?

මූලිකව අපිට පරිඝණක සමාජය සඳහා ආදායම් ලැබෙන්නෙ ඡායා පිටපත් හා මුද්‍රණ කටයුතු වලින්.පුස්තකාලය සඳහා සාමාජික මුදල් තමා ප්‍රධාන ආදායම් මාර්ගය.ඊට අමතරව හරසර සඳහා මුදල් සොයාගන්න අපි වාර්ෂිකව යතුරු රඳවන අලෙවියක් හෝ car wash එකක් සිදු කරනවා. මෙවර යතුරු රඳවන(Key tag) අලෙවිය තමා සිදු කලේ. මේ අවුරුද්දේ අපි හරසර උත්සවයේ ගිය අවුරුදු වලට වඩා ප්‍රාසාංගික අංශයේ වෙනසක් කරන්න හිතන් ඉන්නවා.ඒ වගේම  පසුගිය වර්ෂයේ සිට සහතික පත්‍රයත් එක්ක පදක්කම් ප්‍රදානයකුත් සිදු කරනවා.

Q5:මේ වසරේ හරසර උත්සවය පැවැත්වෙන දිනය වේලාව ස්ථානය ගැන මතක් කලොත් අයියෙ?

“හරසර” පැවැත්වෙන්නෙ එලඹෙන සිකුරාදා 6 වැනිදා හවස 4.30 ට ගණිත අධ්‍යනාංශ ශ්‍රවණාගාරයේදි

Q6:මේ සඳහා වෙහෙස මහන්සි වුණු ස්තූති කල යුතු පිරිසක් ඇතිනෙ ඒ අය ගැන සඳහනක්?

අපේ ශාස්ත්‍රාල සම්බන්ධීකාරක දේවක සර් ට හා පීඨාධිපති තුමන්ට ස්තූති වන්ත වෙන්න ඕනෙ මුලින්ම.ඊට පස්සෙ අපේ දැනට ඉන්න සම්බන්ධීකාරක සියලු දෙනාටම හා අපිට පෙර හිටපු අයියලා අක්කලා ට ස්තූති වන්ත වෙනව. ඒ අය තමා අපේ සැලැස්මේ වෙනස් විය යුත් තැන් පෙන්වමින් අපිට හරසර සාර්ථක කරගන්න සහය වුණේ.ඊට අමතරව අපිව සම්බන්ධ කරගත්තාට Colombo Beacon ඔයාලටත් ස්තූති කරනවා.

 

Q7:පරිඝණක හා පුස්තකාල සංගමයට අලුතෙන් එකතු වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මොනවගේ උපදෙසක්ද අයියලට දෙන්න තියෙන්නෙ?

අපි මේ සඳහා බඳවා ගැනීම් කරන්නේ අලුතෙන් සිසුන්  කණ්ඩායමක් ආවට පස්සේ ඒ අයව දැනුවත් කිරීම් කරලා.නමුත් පොත් ලබා ගන්න අවශ්‍ය ඕනම කෙනෙක් ට පුස්තකාල සාමාජිකත්වය ලබාගන්න පුළුවන් සාමාජික මුදල් ලබා දීමෙන්.

 

Q8:අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තූතියි.අවසානයේ විශේෂයෙන් කියන්න මොනවා  හෝ දෙයක් තියෙනවද?

ඔව් නංගි අපේ සේවාවන් ගැන කියන්න ඕනෙ.පුස්තකාල හා පරිඝණක සමාජය හරහා විශ්ව විද්‍යාලයෙ ඕනම ශිෂ්‍යයෙකුට ඉතාම පහසු මිලකට ඡායා පිටපත් හා පරිඝණක මුද්‍රණ කටයුතු කරගන්න පුළුවන්,පුස්තකාලයෙන් පොත් ගන්න පුලුවන්.පරිඝණක භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම මීට කලින් වර්ණ මුද්‍රණ කටයුතු සිදු වුණේ කඩින් කඩ.නමුත් අපි අපේ සේවයේ තත්වය උසස් කරමින් අලුතෙන්ම වර්ණ මුද්‍රණ කටයුතු සඳහා උසස් තත්වයේ මුද්‍රණ යන්ත්‍රයක් ගෙනාවා. ඊට අමතරව එක් එක් වසරවල අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ශිෂ්‍යයන් අතර හොඳ අන්තර් සම්බන්ධතාවයක් පවත්වාගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් අපි හදලා තියෙනවා.ඒ වගේම ශිෂ්‍ය සංගමයටත් විශේෂයෙන් ස්තූති වන්ත වෙන්න ඕනේ එහිම කොටසක් ලෙස මේක පවත්වාගෙන යන එකට.

කාර්යබහුල මොහොතක අප වෙනුවෙන් කාලය වෙන් කල සොයුරන්ට ස්තූති වන්ත වෙමින් අප ඔවුන්ගෙන් සමුගත්තේ “හරසර” උත්සවය සාර්ථකව නිම කර ගැනීම සඳහා ශක්තිය ධෙර්යය ප්‍රාර්ථනා කරමින්.
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment