පන්හිදකින් පබැදෙන පද පෙළක් අරුත් ගැන්විය හැකිනම්…… ඔබ අගනා කවියෙකි. දරුවෙකුගේ අහිංසක සිනහවකට මුලපිරිය හැකිනම්….. ඔබ සැබෑම වැඩිහිටියෙකි. ජීවිතයෙන් කඩාවැටුණු ආත්මයක් වදනකින් හෝ දිරිමත් කළ හැකිනම්…. ඔබ කළ්‍යාණ මිතුරෙකි. දෙමාපිය දෙනෙතට කඳුළ වෙනුවට තුටු කදුළු පිදිය හැකිනම්…… ඔබ කදිම දරුවෙකි. බිදුණු හදවතක් ප්‍රේමයෙන් හා සෙනෙහසින් සදහටම සුවපත් කළ හැකිනම්….. ඔබ ආදරණීය ප්‍රේමවන්තයෙකි. පොළව මත පය තබා ඇවිදින සැහැල්ලු සිතුම් පැතුම් ඇත්තෙක් විය හැකිනම්…… ඔබ උතුම් පුද්ගලයෙකි. …………………………………………………………………………………………………………. සැබැවින්ම හැකිනම්….. ඔබ අත්‍යන්තයෙන්ම මිනිසෙකි.
About the author

දිලීමා ජයසිංහ
විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය
Leave a Comment